ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්ති! – තුෂාර දස්කොන්

දීප්ති සහ නිර්මාල් අතර පවත්වන්ට තීරණය කළ සංවාදය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් දක්වන අදහස් සම්බන්ධයෙන් කෙටි සටහනක් තමන්නට මම කල්පනා කලා.
අජිත් පැරකුම් සිය ලියමන තුල කියන්නට උත්සහ කරන්නේ දේශපාලන ක්‍රියාධරයා ඇකඩමික් බුද්ධිමතාට වඩා උසස් කියන කාරණය නේද? සත්‍ය වශයෙන්ම අප ජිවත් වන ධනවාදී සමාජ ප්‍රවාහය තුළ මනුෂ්‍ය වර්ගයා මුහුණ දී සිටින ගැටලුව ශ්‍රාස්තාලීය බුද්ධිමතා ද දේශපාලන ක්‍රියාධරයා ද වඩා උසස් යන කරුණ තුලින් වටහා ගන්නට බැරි බව මගේ අදහසයි. ශ්‍රාස්තාලීය බුද්ධිමතෙකුට දේශපාලන ක්‍රියාධරයෙකු වන්නට බාධාවක් නැති අතර දේශපාලන ක්‍රියාධරයෙකුට අවශ්‍ය නම් ශ්‍රාස්තාලීය බුද්ධිමතෙකු වන්නට පුලුවන. ලෙනින් කියන්නේ විධිමත්ව සහ අවිධිමත්ව ඉක්මනින් ගොඩක් දේ උගත් කෙනෙක් සහ තමන් උගත් දැනුම ප්‍රායෝගිකව භාවිතා කළ අයෙක්. ඔහු කතා නොකළ වචනය මම යන්නයි. ඔහු ගේ අරගලය ආත්මීය තලයකින් ඔබ්බෙහි වූ සමාජ තලයක එකක්. යම් දෙයක් විධිමත්ව ශික්ෂණයකින් යුතුව තේරුම් ගත් මහා ප්‍රාඥයා සහ ප්‍රාෙයා්ගික දේශපාලන ක්‍රියාධරයා ලෙනින් පමණයි. අපට ලෙනින් අයිඩල් එකක් වෙලා වැඩක් නැහැ අපි හද පෙන්වූ පසු ඇගිල්ල දෙස බලන්නට හුරු වූ ජාතියක්. මේ ශ්‍රාස්ත්‍රාලීය සහ දේශපාලන ක්‍රියාධරයා අතර ඇති වෙන වටහා ගත හැකි හොදම සංවිධානය එල්.ටී.ටී.ඊ සංවිධානයයි. එහි අයිඩල් එක පොටිටු අම්මාන්. ප්‍රභාකරන් ඇකඩමික් ද? නමුත් සංවිධානයක් ලෙස විනයගතව වැඩ කළ කිසිදාක පවා නොදුන් ශ්‍රේෂඨ සටන්කරුවන් යනු කවරෙක්ද යන්න අපට එම සංවිධානයෙන් දැන ගන්නට පුලුවන්.( කරුණාකර ජාතිවාදය අමතක කර මේ දෙස දේශපාලනිකව බලන්න) අනික අජික් ඔයාට කියන්නට තියෙන්නේ අර නිර්මාල් කියන සෙන් කතාවම තමයි. භාෂි ඔයාව තියලා.ගියා ඒත් ඔයා තවම හිරු කණ්ඩායම බිමින් තියලා නැහැ. ඒ මොකද දන්නවද ඔයාගේ අනන්‍යතාවය කියන්නේම හිරැ කණ්ඩායම.ඒක ඔයාට ක්ෂිමය අත්දැකීමක්. ඒනිසා ඔයා තමන් කවුද කියන කාරණය පෙන්වන්න විවිධ වැඩ දානවා. අජිත් කරුණාකරලා තමන් හිස් කියන එක අවබෝධ කර ගන්න. දේශපාලන ක්‍රියාධරයන්ට තමන් කවුද කියන එක ප්‍රශ්ණයක් නැහැ. එයලාට වැදගත් වැඩේ මොක්කද කියන එකයි. ඒ නිසා එක්කෝ දේශපාලන අමතක කරලා කවියෙක් විදිහටම ජීවත් වෙන්න. අනගාත පරම්පරාවේ සටන් ජවය ගොන්කතා කියලා නැති කරන්න එපා. එහෙම නැත්තම් ආයම සැරයක් ලෙනින්ව හරියට කියවන්න. දැන් කියන්න එපා ලෙනින් කියවන්නම ඕනද වගේ ගොන් කතා. ඕනම බූරුවෙක්ට තේරෙනවා. ලෙනින්ව කියවීම විප්ලවීය දේශපාලනයට අතිශයින්ම වැදගත් බව.අපි මෙහෙම හිතමු. ඔයාගේ පවුලට අල්ලපු ගෙදර මිහිනා ඔයා නැති වෙලාවට සෙක්ස් කරලා ඔයාට මාට්ටු උනොත් ඔයා හා කමක් නෑ කියලා නිකම් ඉන්නවද? එහෙම නැත්තම් ඔයාව මරන්න කවුරු හරි උත්සහ කලොත් ඔයා කමක් නෑ මාව මරන්න කියලා නිකම් ඉන්නවද? නෑනේ ඒවට හිරයට ප්‍රතිචාර දක්වනවනේ. අපිට නම් දේශපාලනයේදී හැදෑරීම් කියන එක ඒ තරම්ම වැදගත්. බබෙක් වෙන්න හදන්න එපා අනික දීප්තියි නිර්මාලුයි විවාදෙකට පැටලෙන එකට ඔයා මේ විදිහට මැදිහත් වුනා කියලා ඔයාට නැති වටිනාකමක් අත් වන්නේ නැහැ. ඔයා මෙහෙම ලියන්නේ ඔයාගේ ලියවිල්ල වෙතන් කවුරු හෝ ඔයාට වඩා බලවක් කෙනෙක් කියවනවා කියලා ඔයා හිතන නිසයි. මහා අනෙකා මිය ගිය සමාජයක ඔයාගේ දේවල් කියවන්න විනිශ්චයකාරයෙක් නැහැ. එහෙම ඉන්නවා නම් මහින්ද මේ රටේ ජනාධිපති වෙයිද? ඊගෝ රකෙන් තමයි අපව පාලනය කරන්නේ හිරියට වැටක් වගේ ඒ නිසයි අපි කළ යුතු නොකළ යුතු දේවල් ගැන දෙවරක් හිතන්නේ තාරක වගේ කෙනෙක්ට තියෙන්නේ ඊගෝ එක පිළිබද ප්‍රශ්ණ්‍යක්. ඒත් ඔයා ඒකට කියන්නේ ප්‍රාථමික අධ්‍යපනයේ ගැටලුවක් කියලා. හරියට මේ වගේ මේ හුජ්ජ කොල්ලෝ මොනවද දන්නේ මමනේ පොර වගේ එකක්. අජිත් දැන්වත් ලෝකය හරියට දකින්න පාට කණ්නාඩි ගලවන්න. ලෙනින් කීව විදිහ තව දුරටත් හදාරන්න!හදාරන්න, හදාරන්න! මේක නිර්මාල්ුත් තේරුම් ගත්තට වරදක් නැහැ.
අජිත් ඔයා කතා කරන ශ්‍රාස්තාලීය බුදධිමතා සහ දේශපාලන ක්‍රියාධරයා කියන කාරණය වටහා ගන්න පුලුවන් සරලම විදිහ ග්‍රම්ස්ච් පැහැදිලි කරලා තියෙනව.(ග්‍රම්ස්චි සම්බන්ධයෙන් ලංකාවේ මහා බුද්ධ්මතා සුමිත් චාමින්දය වැඩි දුර විස්තර ඔහුගෙන් ලබා ගන්න.) ඔයාට මේක තේරුම් ගන්න බැරුව ඔයා කියනව නිර්මාල් ඇකඩමික් දීප්ති ඇකඩමික් නෑ කියලා. ඔයා දීප්තිට අකමැති නිසා නර්මාල්ට කැමතියි. ඒත් ඔයා ඇත්තටම නිර්මාල්ටත් අකමැතියි. ඒ නිසා තමයි මේ වගේ මුල මැද අග පැටලෙන ගොබ්බ රචනා ලියන්නේ. ඒක ඔයාගේ අවිඥාණික ෆැන්ටසිය පිළිබද ගැටලුවක්. ඔයා හැම තැනම කිය කිය යනව ඔයා ඉංග්‍රීසි ගුරුවරයෙක් කියලා. අඩුම තරමේ එහෙම නම් මේ ඇකඩමියාව සහ ක්‍රියාකාරීත්වය කියන කාරණය වටහා ගන්න Alfred Sohn-Rethel ගේ රචනාවන් කියවන්න. ඒතකොට ඔයාට අවබෝධ කර ගන්න පුලුවන් වෙයි කායික ශ්‍රමය සහ බුද්ධිමය ශුමය අතර වෙනස. ඇත්තටම කායික ශ්‍රමයට වඩා බුද්ධිමය ශ්‍රමයට වැඩි වටිනාකමක් ලබා දී තියෙන්නේ බුර්ෂුවා බුද්ධිමතුන් විසින්. අජිත් තර්කනයට ප්‍රයත්න දැරූ පමනින්ම ඔවුන්ගේ තර්කයෙහි දුර්වලකම හෙලිදරව් වන හෙයින් ඔහු සිය රචනාව තුළ විවිධ වැල් වටාරම් ලියයි. ඇත්තටම අජිත් ගේ ෆැන්ටසියේ අනෙකා වන්නේ භාෂිය. ඇත්තටම අජිත්ව හිරු කණ්ඩායමෙන් පන්නා දැමූ හේතුව අජිත්ටම ක්ෂිමය අත්දැකීමක් වන හෙයින් එය ඔහු තමන්ට අවශ්‍ය පරිදි නව අර්ථ කථනයක් දෙන්නට උත්සහ කරයි. නිර්මාල්ට ද දීප්ති සම්බන්ධයෙන් ඇත්තේ අජිත්ට භාෂි සම්බන්ධයෙන් ඇති ගැටලුවට සමාන ගැටලුවකි. ඒ නිසා ඒ අර්ථයෙන් මේ දෙන්නාම එක අතේ කුරුල්ලන්ය. අජිත් කියන දේ මගින් නිර්මාල් ගේ ෆැන්ටසිය නිරූපණය වන බැවින් නිර්මාල් අජිත්ට ආශක්ත වෙනව. අයිස්ටයින් විසින් සාපෙක්ෂතාවාදය සොයා ගන්නට පෙර ලෝකයේ හැම දෙයක්ම නිරපේක්ෂ කියලයි. හිතන් හිටියේ.හැබැයි මේක අයිති වෙන්නේ ස්වභාවික විද්‍යවන්ටයි. දේශපාලනයට මේවා අදාල වන්නේ නැහැ. දේශපාලනයේ දී න්‍යාය වැදගත් වුනාට දේශපාලනය තීරණය වන්නේ මිහිහෙක් කොච්චර දන්නවද නැද්ද කියන කාරණය මත නෙමෙයි. මිනිහෙක් ප්‍රතිගාමීද ප්‍රගතිශීලිද කියන කාරණය මතයි. කොච්චර දන්න අයෙක් වුනත් එයා ප්‍රතිගාමි නම් වැඩක් නැහැ. ප්‍රගතිශීලි අයෙක් කොච්චර නොදන්වා වුනත් ඒක වැදගත් නැහැ.. ඒ නිසා තමයි ප්‍රතිගාමී කරුණා නිදහස් පක්ෂයේ උප සභාපති වෙලා ආන්ඩුවේ ඇමතිකමක් කරන කොට ප්‍රගතිශීලි ප්‍රභාකරන්ට මිය යන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා ශ්‍රාස්තාලීය බුද්ධිමතෙක් හෝ දේශපාලන ක්‍රියාධරයෙක් ප්‍රතිගාමිද? ප්‍රගතිශීලීද කියන එක තමා අරගලයේ දී වැදගත් වෙන්නේ. ඒ අර්ථයෙන් අජිත් ඔයා කොයි කුලකයට අයිති වෙන්නේ? මේ විවාදය සම්බන්ධ කාරණයේ දී දීප්තිව නියෝජනය කලේ එක් පුද්ගලයෙක් විතරයි. ඒත් නිර්මාල්ට හුරේ දාන්න ඔයත් ඇතුලුව කී දෙනෙක් උත්සහ කළාද? ඔයා හිතනවද හෙට දවස ඇතුලත අපට අවශ්‍ය නම් දීප්තිට හුරේ දාන්න කඩේ යන්න දහ දෙනෙක් නිර්මාණය කරන එක අමාරු වැඩක් නෙවි. ඒත් අපි ඇයි එහෙම නොකරන්නේ අජිත් අපේ ගැටලුව තියෙන්නේ ධනවාදය මේ යුගයේ දී මිනිස්සුන් ගේ ජීවිතයට බලපාන අකාරය ගැනියි.ඔයා මේ ටික නිකමටකියවන්න.ජ්‍යාමිති ශාස්ත්‍රීය ප්‍රත්‍යක්ෂ්‍යයන් මිනිස් අවශ්‍යතාවයන් කෙරෙහි බලපාන්නේ නම් ඒවාද බිදහෙළීමට ප්‍රයත්න දරනු ඇතැයි යන සුප්‍රසිද්ධ කියමනක් තිබේ. දේවධර්මයේ පැරණි දුර්මතය් හා සංඝට්ටනය වන ස්භාවික විද්‍යාවේ න්‍යායයන් ඉතාමත් උමතු ප්‍රතිරෝධනයක් අවුස්සා ලූයේය. තවමත් අවුස්සා ලන්නේය. එනිසා, නවීන සමාජයේ දියුණු පංතිය අවබෝධයෙන් පෝෂණය කිරීමට සහ සංවිධානය කිරීමට කොලින්ම උපකාරී වන, මෙම පංතිය හමුවේ ඇති කර්තව්‍යයන් සනිටු හන් කරන සහ වර්තමාන ක්‍රමය වෙනුවට-ආර්ථීක සංවර්ධනය හේතුකොටගෙන – නව ක්‍රමයක් ආදේශ කිරීම නොවැලැක්විය හැකි බැව් පෙන්නුම් කරන මාක්ස්වාදී මූලධර්මයට ස්වකීය ජීවිතයේ සෑම ඉදිරි පියවරක් සදහාම සටන්කිරීමට සිදුවී තිබිම පුදුමයක් නොවේ. දේපළහිමි පංතිවල නැගීඑන පරම්පරාවේ ඔළුව අවුල් කිරීම සහ එය අභ්‍යන්තර සහ බාහිර සතුරන්ට විරැද්ධ හුරුපුරුදු කිරීම සදහා නිල මහචාර්ය වරු විසින් නිළ වශයෙන් උගන්වනු ලබන ධනපති විද්‍යාවට සහ දර්ශනයට මෙය අදාල වන බව කිවමනා නොවේ. මෙම විද්‍යාව මාක්ස්වාදයේ නම පවා ඇසීමට අකමැතිය. එය කියන්නේ මාක්ස්වාදය බිදහෙළා සුනු විසුනු කොට දමා ඇති බවය. සමාජවාදය බිද හෙළීම වෘත්තියක් කොටගත් තරුණ උගත්හුද, යල් පැන ගිය “ක්‍රම” වල නේකාකාර සම්ප්‍රදායයන් රකින්නාවු ජරා ජීර්ණ වෘර්ධයෝද යන දෙකොටසම එකාකාර අභිරුචියකින් මාක්ස්ට පහරදෙති. මාක්ස්වාදයේ ප්‍රගතියත්, එහි අදහස් කම්කරු පංතිය අතර පැතිර යමින් ඒ තුල තදින් මුල් බැස ගැනීමත් සැබවින්ම සිදුවන නිසා එයට විරුද්ධව ධනපති පංතිය මෙම ප්‍රහාරයන්ගේ නිරන්තර භාවය හා උත්සන්න කම අනිවාරණීය ලෙසටම වැඩි වේ. නිළ විද්‍යාව විසින් මාක්ස්වාදය “සුනු විසුනු” කරනු ලැබු සෑම අවස්ථාවකම එය වඩාත් ශක්තිමත් වේ, වඩාත් දැඩිවේ, හා වඩාත් බලවත් වේ. නිර්ධන පංති විප්ලවය මගින්, විවාද විශය කරුණු සියල්ලම තියුණු කෙරෙන විටත්, පොදු ජනතා සමූහයාගේ හැසිරීම නීර්ණය කිරීමේදී ඉතාමත් හදිසි වැදගත් කමක් ඇති කරුණු සම්බන්ධයෙන් වන වෙනස්කම් සියල්ලම අවධානයේ එල්ලයට ගෙන එන විටත්, සටනේ තාපය අසු අස්සේම සතුරන් හා මිතුරන් වෙන්තොට හදුනාගැනීම අවශ්‍ය කෙරෙන විටත්, සතුරාට තීරණාත්මක ප්‍රහාරයක් දීම පිණිස නරක මිතුරන් ඉවතලීමට සිදුවන විටත්, අපට දැන් දෘෂ්ටිමය ක්ෂේත්‍රයෙහි නිතර දක්නට ලැබෙන දෙය වන මාක්ස්ගේ දහමට න්‍යායික සංශෝධන ගෙන ඒම 
අජිත් ඔයා විසින් ලියන දේ ඇත්තටම ඔයාට ලියන්නට සිදුවී ඇත්තේ ඇයි? ඔයාට අනුව යථාර්ථය කියන්නේ යථාර්ථය යැයි ඔයා පර්කල්පනය කරන සමස්ථයටය.මනෝ විශ්ලේෂණයේ දී අප මෙය හදුන්වන්නේ සයිකෝසික තත්ත්වයක් ලෙසිනි. අනික් අවධාරණයෙන් කිව යුතු වැදත්ම කාරණය වන්නේ ඔයා සමග හෝ නිර්මාල් සමග මට පෞද්ගලික වෛරයක් හෝ කෝන්තරයක් පිරිමසා ගැනීමට නොමැති බවයි. නමුත් නිර්මාල්ට සේම ඔයාටත් දීප්ති එක්ක ඇත්තේ පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීමේ බාල දේශපාලනයකි. මම දිගින් දිගිටම අවධාරණය කරන්නේ දීප්තිට මගේ පෞද්ගලික ආශක්ත වීමකට වඩා ඇත්තේ දේශපාලනිකඅ ආශක්ත භාවයකි. එය මම ප්‍රාර්ථනා කරන මනුෂ්‍යවර්ගයාට යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ ඔහුගේ අවංක කැප කිරීම නිසා ඇති ආශක්ත භාවයක් පමණි. අනෙක් අතට දීප්තිට මම පෞද්ගලිකව ආදරය කරන්නේ මගේ අනෙක් සටන් සගයන් සේම දේශපාලනයේ දී ඔහු ප්‍රගතීශීලි වන නිසාය. පවතින සමාජ ක්‍රමය වෙනස් කරන්නට අරගල කරන දේශපාලන සංවිධානයක් ගොඩනැගෙන්නේ ආදර සහ විශ්වාසය මතය. එයට අපට ප්‍රතිගාමීත්වයෙන් තොර ප්‍රගතිශීලීත්වය යැයි කියාද කියන්නට පුලුවන. වංගීස වගේ අයෙක් දීප්ති මොනවද අලුතින් හොයා ගත්තේ කියා අසන ප්‍රශ්නයම වැරදි වන්නේ දේශපාලන සටන්කරුවෙකු අලුතින් කිසිවක් සොයා ගන්නට අවශ්‍ය නැති බැවිනි. ජිජැක් හෝ බදියු අපට වැදගත් වන්නේ අපේ අරගලයේ විජයග්‍රහණයට අවශ්‍ය න්‍යායවෙිදීන් වශයෙන් මිස මම ජිජැක් හෝ බදියු දන්නවාද? නැද්ද කියන කිාරණය ප්‍රගතිශීලී දේශපාලනයට අදාල වන්නේ කොහොමද කියන කාරණය මට තේරුම් ගත නොහැකිය. වංගීස වගේ අයෙක් සිය ස්වභාවික පියා විසින් මේ රටේ ජාතිවාදය අවුසන්නට සහ ඒ මගින් දෙමළ මිනිසුන් හතළිස් දහසක් මරා දමන්නට ප්‍රධාන වශයෙන්ම න්‍යායික දායකත්වය සැපයීම ගැන වචනයක්වත් කතා නොකරන අතරම සිය සංකේතීය පියා වන දීප්ති ( දැන් මේ ප්‍රශ්ණයට පිළිතුරක් දෙනවා නම් සියල්ල අමතක කර මම දීප්ති ගේ සංකේතීය පුතෙකු නොවෙි යැයි කියන්නට එපා යැයි මම වංගීසට කියන්නට කැමතිය. මන්ද මම වර නගන ප්‍රශ්ණයේ දිශානතිය ඊට වෙනස් නිසාය. යම් හෙයකින් වංගීස එහෙම කියනවා නම් ගැලීලියෝ කී ආකාරයට මම එපූර් සිමෝ යැයි එනම් ඒක එහෙම කැරකුණත් ඒක එහෙම කැරකෙන බව මම දැනගෙන හිටියත් ඔබ ඒක එහෙම නෙවි කියනවා නම් මම පිලිගන්නම් ) දේ න්‍යායික අවබෝධය ගැන ප්‍රශ්ණ කරන්නේ ඇයි? සිය පියා විසින් මේ රටේ ජාතිවාදය අවුලුවාලන්නට වසර ගනණක සිට කරන ලද දැවැත්ත මැදැහත්වීම නිසා අද වන විට මේ රටේ ජාතිවාදය පැටවු ගසා තිබේ. පුලුවන් නම් න්‍යායික දේශපාලනයේ දී සාකෝසිය යනු කුමක්ද? කියා හෝ ඉබ්බාගේ ලෝකය ගැන කතා කරනවාට වඩා තමන්ගේම ජීව විද්‍යාත්මක පියා විසින් දෙමළ ජනයාට කළ අසාධාරණය ගැන විවෘතව ලියන්න, කතා කරන්න යැයි වංගීසට කියන්නට කැමැත්තෙමු. ඒ අකාරයෙන් තමන් වාමාංශික දේශපාලනය තුළ ප්‍රගතිශීලියෙකු බව ඔහු ඔප්පු කරන්නේ නම් ඔහු ප්‍රතිගාමියෙකු නොව ප්‍රගතිශිලියෙකු බව පිළිගන්නට පුලුවන.( මම එය පිළිගැනීම හෝ නොපිළිගැනීම නිසා වංගීසට වන කෙන්ගෙඩියක් නැත. මන්ද වංගීස තවමත් සිවිල් බලය තුල දිවයින පත්තරේ ප්‍රධාන කර්තෘ ගාමිණි සුමනසේකර ගේ පුත්‍රයාය. ඒ නිසා සිවිල් බලය අතින් මට වඩා ගව් ගණනක් වංගීස ඉදිරියෙන් සිටියි. ඒ නිසම මට නම් වංගීස ගේ ලිංගික ජීවිතය කොහොමත් අදාල නැත. මට වඩා වැදගත් වන්නේ දේශපාලන අරගලය තුල වංගීස ප්‍රතිගාමීද ප්‍රගතිශීලිද යන්න පමණි. කල්‍යාගේ ගණිකා නිවාස ප්‍රශ්නය අපට වැදගත් වන්නේ යම් කළක දේශපාලන වෙනුවෙන් යම් කැපකිරීමක් කළ කල්‍යායට මේ වගේ දෙයක් කරන්නට සිදු වන්නේ ඇයිද යන ප්‍රශ්ණයයි. නැතිව එය කල්‍ය වර නගන අකාරයට ඒක තවම උසාවියෙන් ඔප්පු වුනේ නැනේ වගේ හෝ නිර්මාල් කියන අකාරයට ගණිකා නිවාසයක සහ සිල්ල බඩු කඩයක වෙනස කුමක්ද කියන දේට වඩා සංකීර්ණය. කළ්‍ය ප්‍රතිගාමී දේශපාලනයට අවතීර්ණය වූ සැනින් ඔහුට පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් තිබු දේශපාලන රැකවරණය අහිම වෙනව. ඒකට හේතුව ඔහු සංවිධානයෙන් ඉවත් වන්නේ ඔහු වැනිම තවත් ප්‍රතිගාමීන් පිරිසක් එක්ක නිසයි. ඒ නිසා ඔහුට ජීවත් වන්නට අරගලයක් කරන්නට සිද්ධ වෙනව. ඒකට කරන්ට දෙයක් නැහැ. ඒකට තමයි ධනවාදී සමාජයක් කියන්නේ කල්‍යට ගණිකා නිවාසයක් වෙනුවට දේශපාලන ක්‍රියාධරයෙක් විදිහට දිගටම ජීවත් වෙන්න නම් තවත් ප්‍රගතිශීලි දේශපාලන ක්‍රියාධරයන් රැසක් කල්‍යයට උපකාර කළයතු වෙනව. ඒකට තමයි දේශපාලනයේ දී ආදරය සහ විශ්වාසය අවශ්‍යයි කියන්නේ. කල්‍යාට නිර්මාල් හෝ වංගීස උපකාර නොකරන නිසා ඔහුට මෙවැනි දේ කිරීම හැර විකල්පයක් නැහැ. ඒත් දීප්ති තවමත් ප්‍රගතිශීලි ලෙස අරගලය සමග පාර්ශවීයව සම්බන්ධ වී සිටින නිසා සංවිධානයේ සහෝදරයන් බුක් මාර්ක් විකුණලා දීප්තිව ආරක්ෂා කරනව. අජිත්ට ආණ්ඩුවෙන් පඩි ගෙවන නිසා මේ දේවල් ඔක්කොම කරගෙන ඉන්නට පුලුවන්. නිර්මාල්ටත් එහෙමයි. මටත් උසාවි ගිහින් මුදල් උපයන්න සිද්ධ වෙලා තියෙනව. ඒක වරදක් නෙවි. ඒ නිසා දීප්තිව කිච කරන්න උත්සහ කරන අයට නොතේරෙන්නේ දීප්ති වෙනුවෙන් පෙනී ඉන්න පිරිස ඒක කරන්න තමන්ගේ ජීවිතය පරදුවට තියන්න සූදානම්. ඒ දීප්ති නිසා ඒ සහෝදරයන්ට ආතල් එකක් ලැබෙන නිසා නෙවි. දීප්ති තවමත් අඛණ්ඩව අරගල එක්ක සම්බන්ධ වෙලා ඉන්න නිසයි. යම් දවසක දීප්ති ප්‍රගිතිශී මාවතෙන් ප්‍රතිගාමි මාවතට අවතීර්ණය වුනොත් ඒදාට ඒ සහෝදරවරුන්ට සහ දීප්ති අතර සම්බන්ධයක් නැති වෙයි. හරියට මේ වෙකොට කළ්‍යට වෙලා තියෙන්නේ ඒ දේ නේද? ඒ නිසා තමයි අපි දීප්තිව විශ්වාස කරන්නේ දේශපාලනිකව ආදරය කරන්නේ අජිත් නිර්මාල්ට කඩේ යනවට වඩා ස්මාර්ට් විදිහට දීප්තිට කඩේ යන සියක් හෙට උදේට හදන්න පුලුවන්. ඒත් අපි දනන්නව අන්තර්ජාලය කියන්නේ වර්චුවල් අවකාශයක් කියලා. ඒ නිසා අපේ අරගලය සම්බන්ධ වන්නේ ඇත්තටම මහ පොලොවේ මිනිස් ජීවිතය එක්කයි. එතකම් අපට බලා ඉන්නට වේවි. 

http://facebook.com/thushara.n.daskon

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )