නිර්මාල් උසාවි යනවද? – තුෂාර දස්කොන්

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හට දීප්ති කුමාර ගුණරත්න විසින් විවෘත සංවාදයක් සදහා කළ අභියෝගය භාරගත් නිර්මාල් විසින් ඒ සදහා සාධනීය මැදිහත්වීමක් කළ මා හට ඔහුට අපහාස කල බව දක්වමින් මට එරෙහිව අපහාස නීතිය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට වූ පණිවිඩයක් මා හට එවා ඇත. ඔහු එම පණිවිඩය මා හට එවනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරුන් පිරිසක් මාර්ගයෙනි.
මම නිර්මාල් ගෙන් එක් ප්‍රශ්ණයක් අසන්නට කැමතියි! මම ඔයාට අපහාස කලා නම් පුලුවන් නම් නඩු දාන්න. එක එකා අතේ පණිවිඩ එව්වාට මා බිය වන්නේ නැති බව මුලින්ම වටහා ගන්න පුලුවන් නම් නඩු එකක් නෙවි සීයක් දාන්න. මම බය නෑ. මට නිර්මාල් සමග පෞද්ගලික වෛරයක් නැත. මා විශ්වාස කරන දේශපාලනය වෙනුවෙන් මට කැමති ආකාරයෙන් පෙනී ඉන්නට පෙරකලාසි අවශ්‍ය නැත. 
පවතින ධනවාදී සමාජ ක්‍රමය සම්බන්ධයෙන් මට ඇකි දේශපාලන විවේචනය සහ පවතින සමාජයට වඩා උසස් සමාජයක් ගොඩනැංවීමට ඇති මගේ අරමුණ නිර්මාල් ගේ සිවිල් චන්ඩිපාට් වලින් මෙල්ල කරන්නට බැරිය. එක එක අපතයන් අතේ බොරු චන්ඩි කතා නොකියා මම කියූ දේවලින් අපහාසක් වූවායැයි සිතනවා නම් අධිකරමය ක්‍රියාමාර්ග ගන්න.
මනුෂ්‍ය වර්ගයා මේ වන විටත් මුහුණ දී සිටින්නේ ශිෂ්ඨාචාරයේ දරුණුතම අර්බුදයටයි. එය උසාවායේ නඩුවක් කතා කර කීයක් හරි හොයා ගැනීමෙන් විසදෙනා යැයි සිතන අපයන්ට මම කොහොමත් බය නැත. මගේ අරගලය ඇත්තේ මා සමග නොව ධනවාදය සමගය. මම යනු හිස් (void) බව මම දන්නා නිසා මට මගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් ගැටලුවක් නැත. දීප්ති කියන්නේ මා විශ්වාස කරන අරගලයේ මගේ පාර්ශවීය සටන් සගයෙකු පමණයි. මා විශ්වාස කරන දේශපාලන සංවිධානයේ ආරම්භකාය ලෙස මට ඔහු සම්බන්ධයෙන් ගෞරවයක් ඇති නමුදු එය හුදු දීප්තිට වන්දනාමාන කිරීමක් නෙවි. නිර්මාල්ට දීප්ති තමන්ගේ අනෙකා වූවාට මට දීප්ති මගේ අනෙකා නෙවි. මම දේශපාලන සංව්ධානයක් මිස පුද්ගලයෙකු විශ්වාස කරන අයෙකු නෙවි. අපේ ගමන නතර කරන්නට කිසිවෙකුටත් නොහැකි වන්නේ මම දේශපාලන තෝරා ගත්තේ මගේ කැමැත්තට සහ මට අවැසි නිසා මිස මම දේශපාලන සංවිධානකට හසු වී ඇති උක්කුං බබා කෙනෙකු නෙවි. උක්කු බබාලා ඉන්නේ උසාවි වලය. දේශපාලනය කරන්නේ වැඩි හිටියන්ය. ඒ නිසා නිර්මාල් බොරු චණ්ඩිපාට් නැතිව තමන්ට අපහාස වූවා යැයි සතිනාව නම් නඩු දාන්න. මේ සම්බන්ධයෙන් නිර්මාල් කිසිවක් නොදන්නේ නම් මට පණිවිඩය ආ මාවත සහ මට නඩු දාන බවට නිර්මාල් ගේ පණිවිඩය රැගෙන ආවේ කවුද යන්න මට හෙළි කල හැක.
ජයවේවා!

facebook

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )