දීප්තිගේ ඇදහිලි කල්ලිය සමග නො කෙරෙන සංවාදය – අජිත් පැරකුම්

2013-09-05

මේ W3Lanka පාඨකයකු විසින් ලියා එවන ලද සටහනකි. ඒ දීප්ති කුමාර ගුනරත්න හා නිර්මාල් රංජිත් දේවසිරි අතර කො කෙරෙන විවාදය ගැන උපමා කතාවකි. එය දීප්ති හා සම්බන්ධ රාජ්‍ය නො වන සංවිධානයක් විසින් පළ කරනු ලබන “සමබිම” පුවත්පතේ පළ වූ කතාවක දෙවන කොටස ලෙස ලියා ඇත. 

උදේ පාන්දරම ශාරීරික ව්‍යායාම කරන්න Galle Faceඑකට යන මහින්ද රාජපක්ෂට මුහුදෙන් ගොඩට ගහගෙන විත් තිබු බෝතලයක්  හම්බ වෙනව. මහින්ද මේකෙ මූඩිය ගලවනවාත් සමඟම එයින් නැඟ ආ දුමාරයකින්  මතු වූ භූතයෙක්, තමන් ලැබු නිදහස නිසා මහින්දට වරයක් දෙනව, තමන් කැමතිම දෙයක් ඉල්ලන්න කියල. කොළඹ සිට ඇමෙරිකාවේ New York දක්වා  පාලමක් දමා දෙන ලෙස මහින්ද භූතයට කියනව. මේ කාලෙ පාලම් වැඩක් නැහැ. ගුවන් ගමන් සහ වෙනත් දියුණු ක්‍රම ඒ සඳහා තියෙන නිසා, වෙන දෙයක් ගැන හිතල බලල කියන්න කියල භූතය මහින්දට  කියනව.

 
 
මහින්දට එකපාරටම මත්තල ගුවන් තොටුපල හා හම්බන්තොට වරාය මතක් වී තමන්ට ඒ සම්බන්ධයෙන් විදින්නට සිදු වී තිබෙන අපවාද නිසාත් මත්තලට හා හම්බන්තොටට ගුවන් යානා හා නැව් එවන මෙන් භූතයගෙන් ඉල්ලා සිටිනව. මත්තලට ගුවන් හා හම්බන්තොටට නැව් එවීම භුත වරයකටවත් කල හැකි බවෙහි අමාරුව දත් භුතයා  New York දක්වා මං තීරු කියක් සහිත පාලමක්  අවශ්‍යදැයි මහින්ද‍ෙගන් අහනව.
 
සමබිම කතාවට අදාල  අපගේ දෙවෙනි කොටස
 

භූතයා පාලම සෑදීම සඳහා අන්තරස්දාන වෙනව. දවස් ගානක් ගිය තැන පාලම නොලැබීම නිසා  මහින්ද භූතයව අමතනව. භූතය සිරියාවෙ  පැත්තෙ බිසී වෙලා හිටිය නිසා sorry කියල පාලමේ වැ‍ෙඩ්ට  බහින්න හදන කොටම භූතයට මහින්ද කියනව, මම ඒ අදහසත් අත්හැරිය, පාලම එපා. මේ දිනවල web, blog, ‍Facebookවල දිප්ති කුමාර ගුණරත්න කියල කෙනෙක්  එයාම සංවාදයකට අභියෝග කරල එයාම එන්නෙ නැති නිසා ‍ලොකු ප්‍රශ්නයක් තියෙනව. එයාව කොහොම හරි නිර්මාල් එක්ක  සංවාදයකට ගෙන්නවල දෙන්න කියල භූතයට කියනව. මහින්ද එවෙලෙම අහසෙ දහස් ගණනක ප්ලේන් මත්තල බලා පියාසර කරන හා ඈත මුහුදෙ හම්බන්තොට දක්වා යාත්‍රා කරන සිය ගණනක නැව් පෝලිමක්  දකිනව.

උපමා කතාව එච්චරයි. අපි දීප්තිට බැන්නයි කියලා ඔහුගේ බැතිමත්තු අඬා වැටෙනවා. එක්කෙනෙක් මාව හඳුන්වලා තිබුණේ හිරු දේශපාලනය පාවා දීපු අජිත් පැරකුම් ජයසිංහ කියලායි. මෙන්න මේ හිරු දේශපාලනය ගැන කතා කරන්න මමත් හරි කැමතියි. හැබැයි, අපේ ළඟ නැහැ ඔය හිරු කණ්ඩායමේ අය ළඟ වගේ ප්‍රතිවාදියාව මහා සතුරාට පාවා දී ප්‍රශ්නය විසඳා ගන්න බලාපොරොත්තු වන දීනකම්. හිරු දේශපාලනය ගැන කතා නො කර ඉන්නේ ඒ නිසායි. 

දීප්ති කුමාර ගුනරත්නව අපි දේශපාලනිකව ගන්නා ආකාරය පිළිබඳ අපි මීට කලකට පෙර කවියක් ලිව්වා. ඒ අර තවම සමහරු නැවත නැවත පළ කරන ‘වාමාංශික පෝලෝ සීයා’ ලිපිය ලියපු දවස්වල ම තමයි. 

දීප්තිව අපි දේශපාලනිකව සලකන ආකාරය දැනගන්න ඒ කවිය කියවන්න. 

http://www.w3lanka.com/2013/09/blog-post_5.html

 

විවාදයට දින නියම කිරීම – දීප්ති කුමාර ගුණරත්න

Posted: 10:01 pm, September 4, 2013

අප විසින් පළ කරන ලද විවාදයට ප්‍රවේශයක් නම් ලිපියට නිර්මාල් විසින් පිළිතුරක් දී ඇත. එහිදී ඔහු නැවත නැවතත් පසන්නේ කෙනෙකුගේ අදහස් වලට ඇති ජීවමානමය මූලාශ්‍රය වන්නේ කටහඩ බවයි.(Voice) මෙයට ඩෙරීඩා කියන්නේ ශබ්ද කේන්ද්‍රීයවාදය කියාය. අපට අනුව නම් අපගේ සංවාදය දිගටම මෙහෙය වන්නේ ලිවීම හරහය. මන්ද යත් ලීවීම හරහ පාරභෞතික මැකී යන නිසාය. දීප්ති නිර්මාල් ගෙන් ඇසූ සංයුක්ත ප්‍රශ්ණයට පිළිතුරු  ඔහුගේ ලිපිය තුළ ගැබ්ව ඇත. අප මේ ජීවත් වන යුගයේ දේශපාලනය යනු අර්ථය (meaning)  මත රදා පවතින්නක් නොවේ. එය පදනම් වන්නේ අනෙකා විදිතැයි අනුමාන කරන විනෝදය එක්කෝ පැහැර ගැනෙයි.නැතහොත් තර්ජනයට ලක් වෙයි. මිනිසුන් අතින් පයින් ගහ මරා ගැනීමට පසුව ඇති වු ශාලාචාර ක්‍රියාව වන්නේ විචාරයයි. එබාවින් දීප්ති යනු කිසිදා චණ්ඩියෙකු නොවේ. ඔහු මේ යුගය ස්ත්‍රීකරණය කරන ස්ත්‍රියක්ද නොවේ. නිර්මාල්ම කියන පරිදි ඔහු පොන්නයෙකි.

http://3mana.com/%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1-%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8/

විවාදය – 2013 සැප්තැම්බර් 17 සවස 3.00 ට – නිර්මාල් රංජිත් දේවසිරි

Tuesday, September 3, 2013

අවසානයේ දී දීප්ති කුමාර ගුණරත්න මහතා ඒ මහතා විසින්ම යෝජිත (කල්‍යාට අනුව නම් කොහොමටත් කිසිදා සිදු නොවීමට කලින්ම නියමිතව තිබූ) විවාදය පිළිබඳව අපව කරකවා අතහරින ප‍්‍රකාශයක් කරනු ලැබ තිබේ. තමන්ගේ අනුගාමිකයින්ට Facebook ප‍්‍රජාව ඉදිරියේ ලැජ්ජාවෙන් ගැලවීමට පමණක් ඉවහල් වන බොරු දාර්ශනික හෑල්ල අතහැර දැමූවිට එහි ඇත්තේ මෙයයි.

 

 
 ”නිර්මාල් X සංවිධානයෙන් ඉවත් වූයේ සමාජ අරමුණක් වෙනුවෙන් නොව අවිඥානක ආශාවක් වෙනුවෙන් යැයි පිළිගත් දිනට මේ සංවාදය අවසන්ය…. සංවාදයට මයික්, මේස, පුටු අවශ්‍ය නැත. අවශ්‍ය ලිවීම පමණි. මන්ද යත් ලිවීම හරහා ලේඛකයා මිය යන බැවිනි.”

 

 
මේ නොකියා කියන්නේ විවාදයට එන්නේ නැති බවයි. ගුණරත්න මහතා චණ්ඩියෙකුසේ විවාදයට අභියෝග කරන විට ඔය දාර්ශනික කතා තිබුනේ නැත. ඒ මහතාට ඒ වෙලාවේ ‘ලේඛකයා මියයාම’ ගැන අමතක වී තිබූ හැඩයි. එහිදී ඒ මහතා අපට මතක්කර දුන්නේ ‘ලිවීමේ දී ලේඛකයා මිය යාම’ පිළිබඳව නොව ජිජැක් වැනි අය සංවාද කරන හැටියි. (‘ලිවීමේ දී ලේඛකයා මිය යාම’ ගැන ජිජැක් නොදන්නා හැඩයි) ඒ අවස්ථාවේ ඒ මහතා කීවේ මෙසේය.

 

 
 ”විශ්ව-විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතාට අනුව අප ඔහුට එරෙහිව යොදා ගන්නේ මඩ ප්‍රචාර පමණි. ඒවාට කිසිදු සත්‍යවාදී හෝ න්‍යායික පදනමක් නැත. අපට අනුව මිනිසාගේ සවිඥාණික ක්‍රියාවලියට යටිනේ අවිඥාණික විශ්වාසයන් පවතියි. මිනිසාගේ සදාචාර ක්‍රියාවන් සිදු වන්නේ හේතුව මත පදනම් වූ සවිඥාණිකත්වය තුළින් නොව අවිඥාණික අවස්ථාවාදී උපයෝගිතාවාදී විශ්වාසයන්ගෙනි.

 

 
තමන්ගේ තර්කය නිවැරදි බවට නිර්මාල්ට තර්ක කළ හැකි අතර එහි විලෝමය සත්‍ය බවට දීප්තිට තර්ක කළ හැක. මේ සදහා අප අභියෝග කරන්නේ ඒ සදහා ප්‍රසිද්ධ විවාදයක් කරමු යන්නය.

 

 
පහත පළ වන්නේ ඔස්ට්‍රේලියාවේ ශීලාචාර රූපවාහිනි නාලිකාවක බුද්ධිමතුන් කිහිප දෙනෙක් අතර වූ විවාදයකි. අපගේ පූර්වාදර්ශය එමගින් ලබාගත හැක. තැන, වේලාව, ස්ථානය නිර්මාල්ට තීරණය කළ හැක.”

 
ඉන්පසුව ඒ මහතාගේ අනුගාමිකයෙකු වන තුෂාර දස්කොන් මහතා ෆේස්බුක් හරහා මට ප‍්‍රකාශ කලේ ඔවුන්ට සතියක් කල් අවශ්‍ය බවයි. මේ කල් අවශ්‍ය වූයේ ‘ලිවීමේ දී ලේඛකයා මිය යාම’ ගැන මතක් කරගැනීමට නොවිය යුතුය. කෙසේ වෙතත් මුල් අභියෝගය අනුව කටයුතු කිරීම මගේ තීරණයයි. ගුණරත්න මහතා මට අභියෝග කලේ වේලාව සහ ස්ථානය මට තීරණය කළ හැකි බවයි. ඒ අනුව මා තීරණය කළ දිනය වේලාව සහ ස්ථානය මෙසේය:

 

 
දිනය        : 2013 සැප්තැම්බර් 17 වන අඟහරුවාදා

 

වේලාව      :සවස 3.00 ට

 

ස්ථානය     :මරදානේ සමාජීය හා සාමයික කේන්ද්‍රය (CSR)
 
කෙසේ වෙතත් ගුණරත්න මහතා මේ විවාදයට නොපැමිනෙන බව ඒ මහතා පිළිබඳව ඒ මහතාටත් වඩා හොඳින් දන්නා මම දනිමි. ඒ මගේ අතීත අත්දැකීම් නිසාය. ඒම මහතා කිසි දිනෙක සියයට සියයක්ම තමන්ට පාලනය කළහැකි කොන්දේසි යටතේ විනා විවෘත මණ්ඩපයකදී ප‍්‍රතිවාදියෙකුට අභිමුඛ වන්නේ නැත. කෙසේ වෙතත් මගේ ප‍්‍රාර්ථනාව වන්නේ මා වැරදි වේවා යන්නයි. කෙසේ වෙතත් මගේ ඉහත විනිශ්චයට පාදක වූ ඇතැම් අතීත තොරතුරු මෙසේය:

 

 
1. 
 
පශ්චාත් නූතනවාදය පිළිබඳව ගුණරත්න මහතා ලියූ දෙවල් ගැන අර්ජුන පරාක‍්‍රම විස්තරාත්මක විචාරයක් ICES සිදු කලේය. ඒ 1995 අගොස්තු 26 දිනය. ගුණරත්න මහතාට ඔහුගේ කිසිදු විවේචනයකට ප‍්‍රතිචාර සැපයීමට හැකිවූයේ නැත. ඒ වෙනුවට අර්ජුන ‘විගඩංකාරයින්ට දැනුම දෙනවා වැනි’ ගුණරත්න මහතා ගේ වචන වලින්ම කියනවා නම් ‘ගොන් කතාවක්’ පමණක් කීවේය.

 

 
මෙන්න ඒ සංවාදය;
 
දීප්ති:  
 
ඔයා කථා කරපු දේවල්වලට මට පැහැදිලි උත්තර තියෙනවා. නමුත් මං ඒක කථා කරන්නේ නැහැ. ඒ මොකද දන්නවද? හේතුව කියන්නම්. මෙතන ඉන්න බොහෝ චරිත මං දන්නවා. විගඩම්කාරයෝ. හරිද? මං ඒ අයට උගන්වන්න ඕනෙ නැහැ. නමුත් අපි දෙන්නා පස්සේ කථා කලොත් මං ඒක කියන්නම්. විගඩම්කාරයින්ට සමාජ න්‍යායයක් දෙන්න මං කැමති නැහැ. ඔයා දෙමින් ඉන්නවා.

 

 
අර්ජුන: 
 
ඒකේ දේශපාලනය නම් මං පිළිගන්නේ නැහැ දීප්ති.

 

 
දීප්ති: 
 
ඔයා වැරදිලා වත් ඒ ගොල්ලන්ට විගඩම්කාරයෝ කියලා කිව්වොත් ඔයාගේ වේදිකාව ඉවරයි. අපේ වේදිකාව ඉවර කරලා තියෙන්නේ අන්න ඒ කට්ටිය. මෙතන ගොඩාක් චරිත ඉන්නවා. ඒ ගොල්ලෝ පශ්චාත් නූතනවාදය ගැන මෙලෝ දෙයක් කියවලත් නැහැ. දන්නෙත් නැහැ. ඔයාගේ දේවල් ටික අර ගෙන ගිහිල්ලා හෙට අනිද්දා වෙන කොට මොන මොනවා හරි කියන්න ගන්නවා. අන්න එතකොට තමා ඔයා මෙතන අද කරපු අදේශපාලනය දේශපාලනයක් වෙන්නේ.

 

 
අර්ජුන: 
 
දීප්ති ප්‍රශ‍්න තුනක් තියෙනවා. එකක් තමයි මෙතනදි මම කියපු දෙයට උත්තරයක් නො සැපයීමට ඔයාට හේතුවක් දක්වන්න ඕනෙත් නැහැ. ඒක ඔයාගේ අයිතිය. හැබැයි මං හිතන‍ නේ හේතු දැක්වීමෙදීත් අපි පිළිගත හැකි,නොහැකි හේතු කියලා තියෙනවා. මම ඒ හේතුව පිළි ගන්නේ නැහැ. මම හිතන්නේ ඒක නිදහසට කරුණක් කියලා දීප්ති. මං එයාට කිව්වා. මං මේ දේශනය කරනවාය. මේක තුලදී ඔයාට එරෙහි වෙනවාය කියලා. මං හිතන්නේ ඒක ඉතා වැදගත්. ඒ එරෙහිවීම. ඒ එකක්. අනික, මේ ඉන්න කට්ටිය, මං අඳුරන කට්ටිය බොහොම කීප දෙනයි. ඒගොල්ලෝ එක එක දේවල් කියනවා. මං හිතන්නේ ඒකත් එක්තරා විදිහක තගක්නේ.

 

 
අර්ජුන පරාක‍්‍රමගේ දේශනය සඳහා මේ සබැඳියාවට යන්න

 

 

 
2. 
 
ස්ත‍්‍රීවාදය පිළිබඳව ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ අදහස් පිළිබඳව සංවාදයකට එන ලෙස ‘කාන්තාව හා මාධ්‍යය සාමුහිකය’ ගුණරත්න මහතාට ආරාධනා කලේය. ජිප්සීස් ගීතයක තියෙන ආකාරයට 15 ක පමණ පිරිවරක්ද රැගෙන ‘සිංහ රජෙක් විලස’ ගුණරත්න මහතා සංවාදයට ගියේය.
 
‘කාන්තාව හා මාධ්‍යය සාමුහිකය’ පැත්තෙන් සංකල්පීය කරුණු ඉදිරිපත් කරනු ලැබූවේ ෂර්මාල් විජේවර්ධන විසිනි. ඇයගේ කිසිදු තර්කයකට ප‍්‍රති තර්කයක් ඉදිරිපත් කිරීමට ගුණරත්න මහතාට නොහැකි විය. කීමට හැකිවූයේ ‘ඕවට අපිට උත්තර තියෙනවා’ යන්න පමණී. උත්තර මොනවාදැයි කීවේ නැත. ඒ උත්තර කිසිදාක දුන්නේත් නැත. මෙය සිදුවූයේ 2004 දී පමණ විය යුතුය.

 

 
3. 
 
2002 දී පමණ ගුණරත්න මහතා ලන්ඩන් සඟරාව හරහා ප‍්‍රසිද්ධ නළුවෙක් වන පාලිත සිල්වා ට දැඩි ප‍්‍රහාරයක් එල්ල කලේය. ඊට පදනම් වූයේ පාලිත සිල්වා සහ ගුණරත්න මහතා අතර නාට්‍ය නිෂ්පාදනයට සම්බන්ධව ඇතිවූ යම් යම් සිදුවීම්ය. ඒම ප‍්‍රහාරය අතිශයින්ම චණ්ඩි වාග් ප‍්‍රහාරයන් විය. මේ ප‍්‍රහාරයට පසු දිනෙක හැව්ලොක් පාරේ ප්‍රෙෂස් වීඩියෝ සාප්පුවේදී ගුණරත්න මහතාට පාලිත සිල්වා හමුවිය. ඒ අවස්ථාවේ මට මතක ලෙස ගුණරත්න මහතා සමඟ සිටියේ මමත් ඒ මහතාගේ බිරිඳ අනූෂාත් ය. ගුණරත්න මහතා පාලිත සිල්වා මගහැර යාමට උත්සාහ කලත් පාලිත ඊට ඉඩ දුන්නේ නැත. කවුන්ටරය අසලට පැමිණ පාලිත ‘දීප්ති මට උඹව හම්බවෙන්න  ඕනෙ. යන්න එපා‘ කීවේය. එහෙත් ගුණරත්න මහතාට පාලිත මග හැර යාමට අවශ්‍ය විය. නමුත් අප පසුපස හඹා ආ පාලිත සාප්පුවෙන් පිටතදී ගුණරත්න මහතාව අල්ලා ගත්තේය. ගුණරත්න මහතාගේ වචන වලින්ම කියනවා නම් ඔහු එහිදී කලේ පාලිත ඉදිරියේ හොඳටම ‘ඇඹරීමයි’. පාලිත මුලික වශයෙන්ම කලේ ගුණරත්න මහතා ලන්ඩන් සඟරාවේ බොරුකීවේ මන්දැයි විමසීමය. ගුණරත්න මහතාට කට උත්තර නැතිවිය. ගුණරත්න මහතාය හැකිවූයේ බහ් … බහ් … ගෑමට පමණි. අවසානයේ පාලිත සිල්වා, ගුණරත්න මහතාට පිටට තට්ටුවකුත් දමා අනූෂාටත් යන්නං කියා යන්නට ගියේය. 
 
මා ගාමිණි සමරනායක විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති වූ අවස්ථාවේ මෙන් කක්කුස්සියට ගිහින් තනියම හිනා වුනේ ගුණරත්න මහතා ගෙදර පැමිණ අනිල් චන්ද්‍රසිරි මහතාට ප‍්‍රකාශ කල දේ ඇසීමත් සමගයි.
 
 ගුණරත්න මහතා අනිල් චන්ද්‍රසිරි මහතාට ප‍්‍රකාශ කලේ‘තමන්ට පාලිත සිල්වා මුණ ගැසුණු බවත් තමා ඉදිරියේ ඔහු ඇඹරුණු බවත්ය. ගුණරත්න මහතා සම්බන්ධයෙන් මට විචාරාත්මක ඇසක් තිබෙන බවක් ඒ මහතා දැන සිටියේ නැත. ඒ මහතාගේ තද විශ්වාසය වූයේ මං බබෙක් කියාය. පාලිත ඉදිරියේ තමා ඇඹරුණු හැටි මා දුටු බව ඔහුට තේරුණේ නැත.

 

 
4.         
 
නලින් ද සිල්වා ගුණරත්න මහතාට විවාදයක් සඳහා අභියෝග කළේය. උත්ප‍්‍රාසජනක ලෙස ගුණරත්න මහතා විවාදය සංවිධානය සඳහා ඒ මහතාගේ නියෝජිතයා ලෙස මා පත් කලේය. හැබැයි කොන්දේසියක් සහිතවයි. එනම් විවාදයට අපේ පැත්තෙන් ගුණරත්න මහතා සමඟ මා ද පැමිණිය යුතුය. නමුත් නලින් ද සිල්වා ගේ පාර්ශවයෙන් පැමිණි නෙම්සිරි ජයතිලක මහතා ඒ කොන්දේසියට එකඟ වූයේ නැත. ඒ අවස්ථාවේ සිදු වූ අනෙක් දේවල් කල්‍යා මීට පෙර ලියා ඇත. කෙසේ වෙතත් වැදගත් වන්නේ මෙහිදී    ගුණරත්න මහතා 90 දශකයේ සිට ඉගැන්නුවාය කියන ‘ලිවීම හරහා ලේඛකයා මිය යන’ කතා කීවේ නැත.
 

 

ගුණරත්න මහතාට විවෘත සංවාද අවකාශයකදී සිය ප‍්‍රතිවාදියාට මුහුණ දීමට නොහැකි බව පෙන්වීමට තවත් සුළු සුළු අවස්ථා  ඕනෑ තරම් දැක්වීමට පුළුවන. නමුත් ගුණරත්න මහතාගේ සෙල්ලම කුමක්ද යන්න කෙනෙකුට ඇත්තටම දැනගැනීමට මා ඉදිරිපත් අවස්ථා ප‍්‍රමාණවත් යැයි මම සිතමි.

 

 
ගුණරත්න මහතා මට අභියෝග තරමින්  ඕස්ටේ‍්‍රලියානු රූපවාහිනියේ ජිජැක් ද සහභාගීවූ Q&A වැඩසටහන බැලීමට මට ආරාධනා කලේ මන්දැයි මට සිතාගත නොහැක (එක් අතකට සිතාගත නොහැක්කේමත් නොවේ).  ගුණරත්න මහතාට විවෘත සංවාද අවකාශයකදී සිය ප‍්‍රතිවාදියාට මුහුණ දීමට කිසිසේත් හැකියාවක් ඇත්තේ නැත. එසේ නොහැකි හේතු දෙකක් අවම වශයෙන් මට තේරුම් ගත හැක.
 
පළමුවැන්න ඒ මහතාගේ දැනුම පිළිබඳ ප‍්‍රශ්නයකි. ඒ මහතා කිසියම් චින්තකයෙකුගෙන් අදහසක් උපුටා ගන්නේ සාමාන්‍ය ශාස්ත‍්‍රීය ලෝකය තුළ පිළිගෙන ඇති ආකාරයට නෙවේ (මෙහි දී තමාගේ ප‍්‍රවේශය ශාස්ත‍්‍රීය එකක් නොව දේශපාලන එකක්’ වැනි බයිලා මෙහි දී අදාළ නොවන බව ගුණරත්න මහතාට මතක් කරමි.). ඉතාම අවස්ථාවාදී, ප‍්‍රයෝජ්‍යතාවාදී හා පාර්ශවීය ලෙසටයි. ඒවා එම පටු අවශ්‍යතාවයේ සංදර්භයෙන් පිටත සාධාරණීකරණය කිරීම අපහසු බව ගුණරත්න මහතා හොඳින් දනී.

 

 
එම නිසා ගුණරත්න මහතා දේශකයෙක් (preacher) මිස සම්භාෂකයෙක් (interlocutor) නොවේ. මා සමඟ ෆේස්බුක් සංවාදයකට එක්වූ ගුණරත්න මහතාගේ අනුගාමිකයෙකු වන තුෂාර දස්කොන් මහතාට මම වරක් යමක් ගැන ‘ඔයාගේ දෙවියන්වහන්සේට කියන්න’ යැයි උපහාසයෙන් ප‍්‍රකාශ කලෙමි. ඔහු කිවේ ‘දීප්ති තමාට දෙවියන් වහන්සේ නොවන බවත් තමාගේ සටන් සගයෙක් පමණක් බවත්ය’. මට කියන්න තියෙන්නේ ‘මමත් ඔහොම කිව් හැටි මතකයි’ කියාය. එය එසේ නොවූ බවට මම උදාහරණ දෙකක් පමණක් දෙමි. ගුණරත්න මහතා තමා වටේ සිටින පිරිස් වටකරගෙන පැය ගණන් නිෂ්ඵල දේශනා කරන රටාව මම වරක් තදින් විවේචවය කලෙමි. මට මතක විදිහට ඒ 1999 දී පමණ වේ. ඔහුගෙන් මට අපූරු පිළිතුරක් ලැබිණි. ඒ මෙසේය. ”උඹ ඔහොම කියන්නෙ උඹට හොඳ පවුලක් නැති නිසා. හොඳ පවුලක් හදා ගනින්. එතකොට උඹට පුළුවන් උඹටම කියල දේවාලයක් දාගන්න. එතකොට උඹේ වටෙත් මිනිස්සු එකතු වෙයි.” මට මඩ ගැසීමට අතීත මතක පොත හාරා බලන මගේ පැරණි හැඟීම්බර මිතුරා අනිල් චන්ද්‍රසිරිට මේ අවස්ථාව අමතක නැතැයි සිතමි. තුෂාර දස්කොන් මහතාට මට නැවත කිව හැක්කේ ඔබ දේශපාලන සංවිධානයක් කියා දේවාලයකට රැවටී ඇති බවයි.

 

 
අනෙක් උදාහරණය කල්‍යා දැනටමත් ලියා ඇත. ඒ 2004 දෙසැම්බර් මාසයේ අප අතර ඇති වූ මත වෙනස්කම් පිළිබඳව ඉතාම සුහදව හා මිත‍්‍රශීලීව කතා කිරීමට මා උත්සාහ කල මොහොතේය. ඒ මොහොතේ ගුණරත්න මහතාගේ හැසිරීම ගැන හොඳම සාක්ෂිකාරිය අනූෂාය. දස්කොන් මහතා (සහ අනෙක් අය) තමා සහ ගුණරත්න මහතා අතර සම්බන්ධය ධුරාවලිගත එකක් නොවන බව අපට යෝජනා කරනවා සේ පෙනේ. කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටයි කීවා සේ සබඳතාවල නියම ස්වරූපය පෙනෙන්නේ අර්බුදකාරී අවස්ථාවලය.

 

 
දෙවෙනි ගැටලූව ගුණරත්න මහතාගේ මානසික ව්‍යුහයේ ගැටලූවකි. ගුණරත්න මහතාගේ (වෙනත් කෙනෙකුගේ) මානසික ව්‍යුහය විශ්ලේෂණය කිරීමට මම නොදනිමි. එසේ කිරීමට මට උනන්දුවකුත් නැත. නමුත් ඔහු වගකීම් සහගත සමාජයීය ක‍්‍රියාකාරකම්වලට සුදුසු මට්ටමේ මානසික සමතුළිතතාවයක් නම් නැත්තෙක් බව නම් මම හොඳින් දනිමි. ඒ මහතාගේ ඊගෝ එක අති විශාල එකකි. තව කෙනෙක් ඉදිරිපිට කිච වීමෙන් මේ ඊගෝ එකට තුවාල කරගැනීම ගුණරත්න මහතාට විඳදරා ගැනීමට අපහසුම දෙයකි. තමාට පැපොල හැදුනු අවස්ථාවේ තමා බැලීමට නොපැමිණිම පිළිබඳව සිරිමලී සහ අරවින්ද සහ අනිල් සමඟ ඇතිවූ කෝපය ඔවුන් සංවිධානයෙන් ඉවත් කිරීම දක්වා ගමන් කලේය. ‘පාපොච්ඡාරණය කොට පුනරුත්ථාපනය වීමට’ එකඟ වීම නිසා අනිල් (සහ සුමිත්) සංවිධානයේ ඉතිරිවුවත් ඒ නින්දිත ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ සිරිමලී සහ අරවින්දට ඉවත් වීමට සිදුවිය. (මේ නින්දිත ඉල්ලීම ගුණරත්න මහතා වෙනුවෙන් සිරිමලී සහ අරවින්දගෙන් කිරීමට සිද්ධ වූයේ ද මා හටමය. පාපොච්ඡාරණය අයත් වන්නේ විප්ලවීය දේශපාලනයටද, දෙවියන්වහන්සේගේ ලෝකයටද යන්න තීරණය කිරීම තුෂාර දස්කොන් මහතාට භාරය). 
 
මේ තත්වය කෙනෙකුට හොඳින්ම තේරුම් ගැනීමට හැකිවූ අවස්ථාව නම් 2002 දී රොහාන් පෙරේරාට විරුද්ධව එල්ල කළ ”දැවැන්ත ප‍්‍රහාරය” සහ එහි ”ජයග‍්‍රහණය” ප‍්‍රකාශයට පත්කිරීමේ උදාන වාක්‍ය ලෙස ලියූ ‘සටනින් අද මා දිනුවා‘ ලිපියයි. ගුණරත්න මහතා ඒ ලිපිය පටන් ගන්නේ   ”මගේ නම දීප්ති කුමාර ගුණරත්න, මට දැන් මගේ නම කියන්න පුළුවන්”කියල. මම හිතන්නේ එතනින් පස්සෙ දීප්ති කුමාර ගුණරත්න ගේ දේශපාලනය ඉවර වුනා කියල.

 

 
ගුණරත්න මහතා ලිවීම උඩ දාන්නේ ලිවීම හරහා ලේඛකයා මිය යන නිසා නොවේ. ඒ හරහා ප‍්‍රතිවාදියාට මුහුණ නොදී ප‍්‍රතිවාදියාට රිසි සේ මඩ ගැසීමට හැකි නිසාය. අවශ්‍ය නම් කෙනෙකුට ගුණරත්න මහතාගෙන් මෙසේ විමසිය හැක (ප‍්‍රයෝජනයක් නොවුනත්). මයික් මේස පුටු නැතුව ‘සංවාදයට ඔය තරම් ප‍්‍රිය නම් තමාගේ ප‍්‍රතිවාදීන්ට අභිමුඛ විය නොහැකි අයුරින් පැවැත්වෙන ඊනියා සම්මන්ත‍්‍රණ වල පැය ගණන් කතා කොට ඒවා යේ ශබ්ද පිටපත් පවා අන්තර්ජාලය හරහා මුදා හරින්නේ මන්ද යන්නයි.තමාට මුළුමනින්ම පාලනය කළහැකි කොන්දේසි සපුරාගෙන ඒ කොන්දේසි අභියෝගයට ලක්නොවෙන බව හොදින් දැනගෙන තමා ඉදිරිපිට සිටින අනුගාමිකයින්ට දේශනා පවත්වන්නන් (දේවගැතියන් වේවා භික්ෂූන් වේවා), ප‍්‍රසිද්ධ කථිකයින් (orators) වේවා කරන්නේ තමන් ඇසීමට ආශාකරන දේ තමාගේ කටින් පිටකොට තම කනින් අසා තමන්ම ප‍්‍රීති වීමයි. ගුණරත්න මහතා ලබන්නේද ඒ ප‍්‍රීතියයි (එය මා නොලබන ප‍්‍රීතියක් ද!). 
මේ ප‍්‍රීතියට බාධාකළ විට සිදුවන දේ දැකගැනීමට The Wind That Shakes the Barley චිත‍්‍රපටියේ දේවස්ථානයේ දර්ශනය මතක්කර ගන්න (මේ චිත‍්‍රපටිය මතක් කිරීමට සිදුවීම උත්ප‍්‍රාසජනක නෙවේ ද?) දේවගැතියා ඩේමියන් ඕ’ඩොනොවන්ට get out කියන්නේ ඩේමියන් ඔහුගේ සතුට විනාශ කළ නිසාය. ගුණරත්න මහතා අපට කීවේ 2004 දෙසැම්බර් වලින් පසු තම සාමාජිකයින්ගේ ධෛර්යය පවත්වාගෙන ගියේ මේ විත‍්‍රපටියේ ඩේමියන්ගෙන් බවයි. (මේ චිත‍්‍රපටය තිරගත වූයේ 2006 මැයි වලය. එනම් 2004 දෙසැම්බර් වල නැතිවූ ධෛර්යය 2006 මැයි වනතුරුත් ඇති කරගැනීමට නොහැකිවී ඇත.) ප‍්‍රශ්නය එය නොවේ. 2004 දෙසැම්බර් වල දේශපාලන ගැටලූවක් සාකච්ඡා කිරීමට මා ගුණරත්න මහතාගේ කාමරයට ගිය අවස්ථාවේදීත්, මෑතක මාතර පැවැති රැස්වීමකදී මාධව, ගුණරත්න මහතාගෙන් ප‍්‍රශ්න ඇසූ අවස්ථාවේදීත් ගුණරත්න මහතාගේ පිළිතුර වූයේ get out යන්නයි. ඒ අවස්ථාවලදී දේවගැතියා කව්ද? ඩේමියන් කව්ද?
 
අපගේ යෝජිත විවාදය පිළිබඳ සාකච්ඡාව කෙරෙමින් පැවතියදීම ගුණරත්න මහතාගේ 3මාන වෙබ් අඩවියේ ‘සයිබර් අවකාශයේ දේශපාලන ගැටලූව’ නමින් ලිපියක් පළවිය. උත්ප‍්‍රාස ජනක දෙය වන්නේ මෙහි දී ගුණරත්න මහතා තර්ක කරන්නේ හරයාත්මකව එකිනෙකා අභිමුඛවන දේශපාලනයක් වෙනුවෙනි. නැවතත් උත්ප‍්‍රාසය වන්නේ ඔහුගේ ක‍්‍රියාකාරිත්වය හරියටම එහි ප‍්‍රතිවිරුද්ධ පැත්තයි.

 

 
මේ ලිපියේ දී ගුණරත්න මහතා ‘තමාටම ආදරය කරන නාසිස්මික පුද්ගලයා’ විවේචනය කරයි. මා දන්නා අය අතුරින් මේ සඳහා අඩුවෙන්ම සුදුසුකම් සහිත අයෙක් සිටී නම් ඒ දීප්ති කුමාර ගුණරත්නය. වරක් ඔහු ප‍්‍රකාශ කලේ තමා ශිෂ්ටාචාරය තුළ සිටින මානසික වශයෙන් නිරෝගීම පුද්ගලයා බවයි. ඒ කියන්නේ තමා පරිපූර්ණ බවයි.

 

 
2013 සැප්තැම්බර් 17 වන අඟහරුවාදා සවස 3.00 ට මරදානේ සමාජීය හා සාමයික කේන්ද්‍රයට යන තෙක් මා මෙතැනින් පසු මේ විවාදය පිළිබඳව කිසිවක් නොලියමි.

 

 නිර්මාල් රංජිත් දේවසිරි
 

විවාදයකට අවශ්‍ය ප්‍රවේශය – දීප්ති කුමාර ගුණරත්න

Posted: 7:46 pm, September 2, 2013

යම්කිසි විවාදයක් පවත්වාගෙන යන්නේ නම් එයට පළමුව ප්‍ර වේශයක් තනාගත යුතුය. Critique යන වචනයේ ලතින් තේරුම ‘විනිශ්චයක් ලබාදීම‘ යන්නය. විනිශ්චයක් ලබාදිය යුත්තේ අපගේ දැනුමට නොව අපගේ ක්‍රියාවන්ටය. අපගේ ගැටලුව පාදකවී ඇත්තේ මනුෂ්‍යයාගේ දැනුම පාරභෙ!තික ක්ෂේත්‍රයක ක්‍රියාත්මක වනවාද යන්න පරික්ෂා කිරීමට නොවේ. දෙවියන්, ආත්මය, විශ්වය වැනි සංකල්ප දැනුම පාවිච්චි කර ඔප්පු කිරීමට යාමෙන් සිදුවන්නේ න්‍යාය-විරෝධ හමුවීම පමණි. මෙම න්‍යාය-විරෝධ ගැන අපට උනන්දුවක් නැත. උදාහරණයක් වශයෙන් යම්කිසි කෙනෙකු ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම හොදද නරකද කියා අප අසන්නේ නැත. එය සදාචාරවාදය පිළිබද  ගැටලුවකි. අප අසන්නේ මෙවැනි ප්‍රශ්නයකි. ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමට ආධාර අනුබල දෙන්නා එම ක්‍රියාව කිරීමෙන් නිදහස් මිනිසෙකු වන්නේද? අප අසන්නේ යම් පුද්ගලයෙකු ස්ත්‍රියකට පහරදීම හොදද නරකද කියා නොවේ. ඊට පරස්පරව අප අසන්නේ තමන්ගේ ආශාව ස්වපීඩක යැයි නොදන්නා ස්ත්‍රියකට එය කියාදීම විප්ලවවාදීද? නැතහොත් ස්වයං-උල්ලංඝණයක්ද? යන්නය.

සරලව කිවහොත් අප අසන්නේ මිනිසෙක් අනෙකාගේ ක්ෂේත්‍රය ඇතුළත කරන ක්‍රියාවට වග කියන්නේද යන්නය. මිනිසෙකුගේ යහපත හෝ සමාජයක යහපත උදෙසා මිනිසුන් කරන ක්‍රියාවන්වල පදනම හොද නම් (Good)  එයට තිබිය හැකි සදාචාර මිම්ම කුමක්ද? උදාහරණයක් වශයෙන් නිර්මාල් රංජිත් මහතා 2004 වසරේ X කණ්ඩායමේ දීප්ති ප්‍රවනතාවයට විරුද්ධව හිටගත්තේ සමාජයේ පොදු යහපත උදෙසාද?  නැතහොත් එය ඔහුගේ අවිඥානක ක්‍රි යාවක්ද? අප අසන්නේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම සහ සිල්ලර බඩු කඩයක් පවත්වාගෙන යාම අතර වෙනසක් පවතීද යන්න නොවේ. අපගේ ගැටලුව එය නොවේ. අප අසන්නේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යන්නාගේ ආශාව ඔහුට/ඇයට අවිඥානකද සවිඥානකද යන්නය. දැන් මෙතනදී කෙනෙකු සාක්ෂි පිළිබදව ප්‍රශ්න කරන්නේ නම් ඒ අය තොත්ත බබාලාය. අවශ්‍ය වන්නේ ඒ සදහා දැනට ඇති සාක්ෂි සොයාගැනීමය. උදාහරණයක් වශයෙන් වංගීසගේ ක්‍රියාව දුටු අය ඇත. කල්‍යානන්දගේ ක්‍රියාව දුරකතනයක පටිගත වී ඇත. එම සාක්ෂි අපි නොපිළිගන්නේ නම් අප ජීවත් වන්නේ සංකේත ලෝකයක නොවේ. එවැන්නෙකු ජීවත් වන්නේ පුද්ගලික සත්‍යයක් සහිත ගෘෘබර් වැනි අයෙකුගේ ලෝකයේය.

උදාහරණයක් ලෙස එක්තරා අවස්ථාවකදී නිර්මාල්ට සහ කල්‍යානන්දට මධුවන්ත නම් පැරණි X කණ්ඩායමේ සාමාජිකයා තමන්ගේ බිරිදව වෙනත් පුද්ගලයෙකු (මේ කෙනා දැන් විවාහ වී සිටින නිසා නම අමතක කරමු) විසින් අපහරණය කරන බව කණගාටුවෙන් පවසයි. එහිදී නිර්මාල් පවසන්නේ මෙම වැඩය ඔවුන් ඉගෙන ගත්තේ බුද්ධික සහ ප්‍රභාගෙන් බවයි. නමුත් මේ නිර්මාල් අද වනතුරු ප්‍රසිද්ධ සමාජයේ මේ ගැන වචනයක්වත් කතා නොකරන්නේ මන්ද? එසේ කළ වහාම තමන් X කණ්ඩායම විවේචනය කළ පදනම දෙදරා යනු ඇත. එවිට නිර්මාල්ගේ ආත්මමූලිකත්වය නරුමවාදීය. ඔහු තමන් දන්නා දෙය සහ විශ්වාස කරන දෙය අතර පරතරයක් පවත්වා ගෙන යයි.. ඔහු හොදින්ම දන්නව බුද්ධික සහ ප්‍රභා සංවිධානයෙන් ඉවත් වුණේ සමාජ අරමුණක් සදහා නොවන බව. (මේ අදහස සුමිත් චාමින්ද ඉතා විචක්ෂණ ලෙස විනාඩි 40 ක කාලයක් පුරා විග්‍රහ කරන ලදී. අවශ්‍ය නම් එය නිර්මාල්ට ඇසීමට ලබාදිය හැක.)  සුමිත් ඉතා පැහැදිලිව කරුණු රාශියක් මත පදනම් වී කියන්නේ ‘උන් ගැහුවෙ පර්සනල් ගේම් එකක් කියාය. උන් පර්සනල් වැඩවලට න්‍යාය යොදාගත්තා.‘ සුමිත් ඒ සදහා සංයුක්ත උදාහරණයක් මෙලෙස පැහැදිලි කරයි.

‘බස්නායක එක්ක තිබ්බ සම්බන්ධය ප්‍රභා එකපාරටම ඉවර කරා. ඒක යුක්තිසහගත කරන්න ආශාව පාවාදිය නොහැක යන සටන් පාඨය ගෙනාවා. මොකද ප්‍රභාට පුලුවන්ද ප්‍රසිද්ධියේ කියන්න මට දැන් බුද්ධික එක්ක සම්බන්ධයක් තියෙනවා කියන්න‘

ඉහත කරුණු ගැන අප නොව නිර්මාල්ම සත්‍යවාදීව කරුණු ඉදිරිපත් කරනවා අප අසා ඇත්තෙමු. මාක්ස් සහෝදරවරුන්ගේ භාෂාවෙන් කියනවා නම් ‘ඔබ ඇස් දෙකෙන් දකින දේ විශ්වාස නොකරන්න! මම කියන දේ විතරක් විශ්වාස කරන්න‘

අපි නැවතත් ගැටලුව විදාරණය කරමු. මිනිසුන් තමන්ගේ ‘සැබෑ ක්‍රියාව‘ තමන් කරා යැයි සමාජය ඉදිරිපිට පිළිනොගන්නේ මන්ද? එය කළේ මා නොව වෙන කෙනෙක් යැයි සිතා සිටින්නේ මන්ද? මිනිසාගේ රැඩිකල්  ක්‍රියාව (Action) අයත් වන්නේ සවිඥානයට නොව අවිඥානයටය. ඒ නිසා මෙම ක්‍රියාව මිනිය යුත්තේ සදාචාරයෙන්ද? බුද්ධියෙන්ද? උභතෝකෝටිකය එයයි. අප ඉන්නේ වාමාංශිකයන් කවදත් සිටි සදාචාරය පැත්තේය. උදාහරණයක් ලෙස වංගීස මෙසේ කිව්වොත් අපගේ සංවාදය අවසන්ය. ‘ඔව් මං ගැහුවා‘. (එතනදී අපට අනුව වංගීස කියන්නේ බාහිර සදාචාරයෙන් තොරව නිදහස් මිනිහෙක් කියන එක). මොකද එතනදී  වංගීස තුළ ජීවත් වන ඔහුටම අද්භූත මිනිසා පිටස්තරයෙකු නොව ඔහුම බව ඔහු  පිළිගැනීමයි.එනම් අවිඥාණක අගතියකින් නිදහස් වීමයි. ඉන් පසු ඔහුට කිසිදාක ගැහැණුන්ට ගහන්නට අවශ්‍ය නැත.මෙය කෑම පිගානක සියළුම කෑම පිහිදා ඉවත් කිරීමට සමානය.  නිර්මාල් X සංවිධානයෙන් ඉවත් වූයේ සමාජ අරමුණක් වෙනුවෙන් නොව අවිඥානක ආශාවක් වෙනුවෙන් යැයි පිළිගත් දිනට මේ සංවාදය අවසන්ය. අවිඥානය යනු අප තුළම ජීවත් වන අපගේම පරාරෝපිත සාරයයි. අප දන්නා දෙය නොදැන සිටින්නේ මන්ද යන කාරණය ව්‍යුහගත වී ඇති ස්ථානය අවිඥාණයයි. අද්භූත මිනිසා අනෙකෙක් නොව ‘අපමය‘. සංවාදයට මයික්, මේස, පුටු අවශ්‍ය නැත. අවශ්‍ය ලිවීම පමණි. මන්ද යත් ලිවීම හරහා ලේඛකයා මිය යන බැවිනි. ( මේවා අප සංවිධානයේ සාමාජිකයන්ට ඉගැන්වූයේ 90 දශකයේඅවසාන කාලයේ ය.) සෙන් ආගමේ මෙන් අප නම් තනි අතින් අත්පුඩි ගසන්නට දන්නේ නැත.

http://3mana.com/%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7-%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%81%E0%B6%BA/

විවාදයේ පූර්ව කොන්දේසි පිළිබඳව – නිර්මාල් රංජිත් දේවසිරි

දීප්ති කුමාර ගුණරත්න මහතා, එක්වරම, විවාදය පැවැත්වීමටනම් මවිසින් ඉටු කරනු ලැබිය යුතු පූර්ව කොන්දේසි කීපයක් ඉදිරිපත් කර තිබේ. එනම් ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම පිළිබඳව කල්‍යානන්ද පෙරේරා ට චෝදනා එල්ල වීම පිළිබඳව ඔහුගේ මිතුරෙකු ලෙස මට කීමට ඇති දෙය සහ එක්තරා පුද්ගලයෙකුගේ බිරිඳට බීමත්ව පහරදීම පිළිබඳව වංගීස සුමනසේකර ට විරුද්ධව ඇති කතාව පිලිබඳව මට කීමට ඇති දෙය පැවසීමයි. 

 
නමුත් ගුණරත්න මහතා මට පළමුවෙන් අභියෝග කල අවස්ථාවේදී මෙවැනි කොන්දේසි කිසිවක් නොතිබුණි. එහිදී ඔහු ලියා තිබුනේ මට කැමති දිනෙක, කැමති තැනක, කැමති වෙලාවක මෙය පවත්වන ලෙසත් එයට ඔහු පැමිණෙන බවත්ය. ඒ අනුව මෙය වඩාත් හොඳින් සංවිධානය කිරීම සඳහා මම මාගේ නියෝජිතයා ලෙස වංගීස ට ඉදිරිපත් වන්නට යෝජනා කලෙමි. නමුත් දැන් මෙම නියෝජිතයන් සම්බන්ධයෙන් කරුණු දක්වා මෙම විවාදය නොපැවැත්වීම අර්ථයක් රහිත වන නිසා මම මෙහි සංවිධාන කටයුතු තනිව කිරීමට තීරණය කලෙමි. මේ අනුව මෙම විවාදයේ සංවිධාන කටයුතු සඳහා ගුණරත්න මහතාට හෝ ඒ මහතාගේ නියෝජිතයෙකුට ඍජුවම මා ඇමතීය හැකිය (කිසිදු පූර්ව කොන්දේසියක් නැත). මේ සඳහා 0718016200 යන ජංගම දුරකථන අංකයට ඇමතුමක් දිය හැකිය. 
 
ඒ අනුව කල්‍යානන්ද පෙරේරා හෝ වංගීස සුමනසේකර තවදුරටත් මෙම විවාදයේ පාර්ශව කරුවන් නොවේ. එම නිසා ඔවුන් ලියන දෙයට මම වග කියනු නොලැබේ. සැබවින්ම ගුණරත්න මහතාට අවශ්‍ය වූයේද මා සමග විවාද කිරීම වන නිසා මෙය ගැටළුවක් විය නොහැකිය. 
 
දැන් ගුණරත්න මහතා මගෙන් අසා ඇති ප්‍රශ්න පිළිබඳව යමක් කිව යුතුය. ගුණරත්න මහතා සිය පළමු අභියෝගය කල අවස්ථාවේදී පවසා සිටියේ එතුමා කරන දෙය මඩ ගැසීම් ලෙස අප අර්ථකථනය කිරීම වැරදි බවත් ඒවාට ‘සත්‍යවාදී සහ න්‍යායික පදනමක්’ තිබෙනා බවත් ය. දැන් ගුණරත්න මහතා මගෙන් අසා තිබෙනා ප්‍රශ්න පිළිබඳව ද මට කීමට තිබෙන්නේ එවැන්නකි. ඒවා ‘සත්‍යවාදී සහ න්‍යායික පදනමක්’ නොමැති මඩ වන අතර විවාදය තුලදී මම මෙය හොඳින් පෙන්වා දෙන්නෙමි. එම නිසා එය විවාදයේ පූර්ව කොන්දේසියක් නොව විවාදයේ මූලික අන්තර්ගතයි. මම මේ සෑම ප්‍රශ්නයකටම පැහැදිලි පිළිතුරු ලබා දෙන්නෙමි. 
 
දැන් ගුණරත්න මහතාට මා අභිමුවේ සිය නිවැරදි බව ඔප්පු කර, මා කිච කර. අවිවාදිත ජයග්‍රහයකයා වීමට මහඟු අවස්ථාවක් උදා වී තිබේ. මෙය හැකි ඉක්මනින් ඔහු ඉටු කරගනු ඇතැයි මම සිතමි. ඒ සඳහා ඉක්මනින් මා ඇමතුවොත් අපට දිනයක්, වෙලාවක් සහ තැනක් වෙන්කර ගැනීමට පුළුවනි.
 

Sunday, September 1, 2013

විවාදයට පෙර සැපිරිය යුතු කොන්දේසි – දීප්ති කුමාර ගුණරත්න

පසු ගිය දිනෙක දීප්ති කුමාර ගුණරත්න විසින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතා හට විවෘත දේශපාලන අභියෝගයක් කළා. ඒ දේශපාලන සංවාදයක් සදහා සහභාගි වන ලෙසයි. ඒ අනුව නිර්මාල් විසින් ඉහත අභියෝගය භාර ගත්තා. ( ඇත්තටම එය භාර ගත්තේ මධ්‍යෂ්ථානය නමින් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන වංගීස සුමනසේකර මහතායි. ) පසුව ඒ පිළිබදව නිර්මාල් මහතා තුෂාර දස්කොන්  සමග අන්තර්ජාලයේ ඇති වූ කතා බහකදී අපට සතියක කාලයක් ලබා දෙන ලෙස ඔහුට පවසා තිබෙනවා. ඔහු ඊට එකගතාවය පළ කර ඇත. නිර්මාල් රංජිත් දේවසිරි මහතා යනු ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සමිමේලණයේ සභාපතිවරයායි. ඒ අනුව පිළිගත් සිවිල් සමාජය තුළ ඔහු ප්‍රබල චරිතයක් වෙනවා. ඒ අනුව නිර්මාල් සහ අපේ නියෝජිතයා අතර ඇති වූ කතා බහට අනුව සතියකින් විවාදයට සූදානම් වන්නට අප තීරණය කලා. මේ කාලය අතර නිර්මාල් ගේ පාර්ශවයේ හැසිරීම පිළිබදව යම් කරුණු පැහැදිලි කිරීමක් කරන්නට අපි අදහස් කලා.

මේ සංවාදය සම්බන්ධයෙන් මේ වන විටත් නිර්මාල් ගේ පාර්ශවයෙන් මේ සදහා සෘජුව පාර්ශවයන් කිහිපයක් මැදිහත්ව සිටිනවා.

ඒ අතරින් කල්‍යනන්ද පෙරේරා පළමු තැනැත්තා වෙනවා. මේ සංවාදය පවත්වන බව පැවසූ වහාම ඔහු මධ්‍යස්ථානය නම් බ්ලොග් අවකාශයට ( මෙය සෘජුව මෙහෙය වන්නේ නිර්මාල් ගේ උපදෙස් මත වංගීස සුමනසේකර මහතා විසිනි.) නිළ වශයෙන් ලිපියක් ලියනවා. ඔහු එය නම් කරන්නේ නොකෙරෙන විවාදයක් ලෙසිනි. එහිදී ඔහු අප විසින් මේ විවාදය මග හරින්නට මෙසේ කියනු ඇතැයි කියා ඔහුට සිතන දේ ලයනවා. ඒ ගැන නිර්මාල්ට කිසිදු ලැජ්ජාවක් හෝ හිරිකිතයක් ඇති වන්නේ නැහැ. අනික් අතට මේ කල්‍යනන්ද පෙරේරා මහත්මයා යනු මේ දින වල ගල්කිස්ස අධිකරණය ඉදිරියේ විභාගවන නඩුවක චූදිතයෙක්. ඔහුට ඇති චෝදනාව ගණිකා නිවාසයක් කළමණාකරනය කර පවත්වා ගෙන යාමයි. එහිදී ඔහු ගණිකාවක් සපයන්ට උපාය දූතයෙකුගෙන් මුදල් ලබා ගත් අවස්ථාවේ අත් අඩංගුවට පත්ව තිබෙනවා. ඒ අනුව ඔහු දින කිහිපයකට රක්ෂිත බන්ධනාගාර ගත කරනවා. ඒ සම්බන්ධයෙන් වන නඩු විභාගය තවමත් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ විභාග වනවා. මොහු එම අවස්ථාවේ පවසන්නේ තමන් ජනරල පුවත් පතේ මාධ්‍යවෙදියෙකු බවත් තමන් පැමැණියේ පුවත් පතට ලිපියක් සම්පාදනය කරන්නටත් බවයි. නමුත් අප මේ සම්බන්ධයෙන් ජනරළ ප්‍රධාන කර්තෘ චන්ද සිරිමල්වත්ත මහතා ගෙන් විමසූ විට ඔහු පැවසූවේ තමන් එවැනි මාධ්‍යෙව්දියෙකු නොහදුනන බවත් තම පුවත් පතේ එවැනි මාධ්‍යෙවිදියෙකු නොසිටින බවත්ය. මේ මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින සමයේ ප්‍රියාන් ආර් විජේබණ්ඩාර අපට කතා කොට කීවේ නිර්මාල් දැන් කල්‍යව අදුනන්නෑ වගේ ඉන්නවා. බලපං කොච්චර කීවත් ඌ පව් බං කියාය. ඒ අනුව නිර්මාල් ඒ දවස් වල කල්‍යනන්ද පෙරේරා මහත්තයාව අදුනන් නෑ කී බව පැහැදිලිය. සමහර විට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමයේ සභාපතිතුමාට ගණිකා නිවාස කළමණාකරුවෙක් බවට පොලීසියෙන් අත්අඩංගුවට ගත් අයෙකු තම මිතුරෙකු යැයි කියන්නට ලැජ්ජා හිතෙන්නට ඇති. අපිට ඊට දොස් කියන්නට බැරිය.

නමුත් අපට ඇති ගැටලුව වන්නේ නිර්මාල් රංජිත් නම් වැදගත් මහත්මයා දීප්ති තමන්ට විවාදයක් සදහා ආරාධනා කළ විට මෙකී ගණිකා නිවාසයක් පවත්වා ගෙනයාමට අධිකරණයෙන් සැකකරුවකු කළ පුද්ගයෙකු තම නියෝජිතයා ලෙස යොදා ගන්නේ මන්ද යන්නයි. නිර්මාල් මහතා මොහු තම නියෝජිතයෙකු ලෙස නොසලකන්නේ නම් තමන් විසින් පහසුකම් සපයා පවත්වා ගෙන යන බ්ලොග් අවකාශයේ මොහුට දීප්තිට විරුද්ධව ලියන්නට දෙන්නේ ඇයි? ඒ නිසා මුලින්ම නිර්මාල් මෙකී පුද්ගලයා සමග ඔහුට ඇති සම්බන්ධය ගැන හෙළි කළ යුතුය. අනික් අතට ගණිකා නිවාසයක් පවත්වා ගෙන යමින් දුර පළාත් වල අහිංසක තරුණියන් ගේ ශ්‍රමය සූරාකෑම පිළිබද ඔහු එකගද නැද්ද යන්න හෙළි කළ යුතුය. එසේ නැතිනම් ඔහු ඒ සම්බන්ධයෙන් දරණ වෙනත් මතයක් ඇත්නම් ඒ ගැන විවාදයට පෙර හෙළි කළ යුතුය.

දෙවනුව නිර්මාල් විසින් තමන්ගේ නියෝජිතයා ලෙස නිළ වශයෙන් පත් කළ වංගීස සුමනසේකර මහතා සම්බන්ධයෙන් යමක් කිව යුතුය. මොහු වරක් ප්‍රසිද්ධ ගායක ඉන්ද්‍රචාප ලියනගේ නම් අයගේ ආදරණීය බිරිද හට බීමත්ව කෙස් වැටියෙන් අල්ලා අම්බානකට පහර දුන් බව අපට වාර්තා වේ. ඒ අනුව ගෑණුන්ට ගහන අය සමග නිර්මාල්ට ඇති දේශපාලන සම්බන්ධ කුමක්ද? කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරියකගෙන් ආදරය ඉල්ලා පැනඩොල් පෙති බිව් මේ පුද්ගලයා නිර්මාල් ගේ නියෝජිතයා බවට පත් කරන්නේ ඇයි? මේ පිළිබදව මේ මහත්මයාට දීමට ඇති පිළිතුරු මොනවාද?

ඊට අමතරව හිරු කණ්ඩායමේ දේශපාලනය පවා දුන් අජිත් පැරකුම් ජයසිංහ නම් පුද්ගලයා ලවා දීප්තිට බැණ එයින් ආතල් ගන්නා ගමන් දීප්ති සමග සංවාදයකට එන්නට විධිමත්ව වැඩසටහනක් ඉදිරිපත් නොකරන්නේ ඇයි? ජයම්පතී බුලත්සිංහල නම් පුද්ගලයා ලවා දීප්ති ගේ නිවසට මැරයන් එවන බවට තර්ජනය කරන්නේ ඇයි? මේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ගේ හැසිරීමයි. මුලින්ම මේ සම්බන්ධයෙන් විධිමත් පැහැදිලි කිරීමක් කරන මෙන් නිර්මාල් රංජිත් දේවසිරි මහතා  අපි ඉල්ලා සිටිමු.

 

http://3mana.com/

 

September 1, 2013

 

 

‘විවෘත අභියෝගය’ පිලිබඳ මතක් කිරීමයි!

පසුගිය 25 වෙනි දා දීප්ති කුමාර ගුණරත්න මහතා ඔහු සමග ප්‍රසිද්ධ විවාදයකට එන මෙන් නිර්මාල් හට අභියෝග කරන ලදී. එම අභියෝගය නිර්මාල් විසින් බාර ගන්නා ලද අතර මේ සඳහා සංවිධාන කටයුතු කිරීම පිළිබඳව නිර්මාල් පාර්ශවය වෙනුවෙන් වංගීස ඉදිරිපත් වී ගුණරත්න මහතාගේ නියෝජිතයෙක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් ද කළේය. මේ පිළිබඳව දැනුම් දීම සඳහා පල කල සටහන ෆේස්බුක් මගින් හුවමාරු කරන විට තුෂාර දස්කොන් නම් මහත්මයකු මේ පිළිබඳව සතියක කාලයක් දෙන මෙන් නිර්මාල් ගෙන් ඉල්ලීමක් කළේය. අද වන විට එම සතියක කාලය ඉක්ම ගොස් තිබේ. 

 
අනෙක් අතට ඔවුන් පළමුව ‘අභියෝග’ කල අවස්ථාවේ පවසා තිබුනේ “තැන,වේලාව,ස්ථානය නිර්මාල්ට තීරණය කළ හැක”කියාය. එසේ පවසා නැවතත් සතියක කාලයක් ඉල්ලා සිටීම පරස්පර උවත්, වැදගත් වන්නේ විවාදය පැවැත්වීම වන නිසා අපි එය ගැටළුවක් කර නොගත්තෙමු. අනෙක් අතට තුෂාර දස්කොන් මහතා විසින් ගුණරත්න මහතාව නිල වශයෙන් නියෝජනය කරන්නේද යන්නත් අපි නිශ්චිතවම දන්නේ නොමැත. මෙවන් තත්වයක් තුල සමහරවිට ගුණරත්න මහතා බලාපොරොත්තු වන්නේ අප විසින් දිනය, වෙලාව සහ ස්ථානය තීරණය කර ඒ පිළිබඳව දැනුම් දීම යන්නත් විය හැකිය.
 
එම නිසා අපි මේ පිළිබඳව මතක් කිරීම් දෙකක් කිරීමට තීරණය කළෙමු. මේ පළමු මතක් කිරීමයි. දෙවැනි මතක් කිරීම මෙම සතියේ මැද දිනකදී කිරීමට බලාපොරොත්තු වෙමු. එයටද ප්‍රතිචාර නොමැති වන්නේනම්, තුන්වෙනුව අප විවාදය සඳහා දිනය, වෙලාව සහ ස්ථානය නිවේදනය කිරීමට බලාපොරොත්තු වෙමු. තුන්වෙනි සීනුව නාද වෙනවා සමගම වේදිකා නාට්‍යය ආරම්භ වේ. සීනුව හැඬවෙන්නේ කා වෙනුවෙන්ද? 
 
Saturday, August 31, 2013

විවාදය පවත්වන දිනය?

Image

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා හා දීප්ත ගුණරත්න මහතා අතර පැවතීමට නියමිතව ඇති විවාදය සදහා සම්බන්ධ වීමට ඔබටද අවස්ථාවක් මෙම වෙබ් අඩවිය හරහා ලබාගත හැක. නුමුත් තවමත් මෙම විවාදය පවත්වන දිනය, ස්ථානය හා ආකාරය පිළිබඳ දෙපාර්ශවය අතර සාකච්ඡා අවසන් වී නොමැත.  එම තොරතුරු අප හට දැන්වූ වහාම ඔබ එපිලිබද දැනුවත් කිරීමට අප සූදානම්ය.

මෙම විවාදය පැවැත්වෙන දිනය හා ස්ථානය විවාද සංවිධායකයන් විසින් තීරණය කිරීමට නියමිත වුවද එහි ස්වරූපය කුමන ආකාරයක් ගත යුතුද යන්න පිළිබඳව ඔබටද අදහස් දැක්විය හැක. අපට එම අදහස් මෙම විවාදයේ සංවිධායකයන්ට ලබා දිය හැක.

එමෙන්ම මෙම විවාදය සම්බන්ධයෙන් හෝ මෙම විවාදයට සම්බන්ධ දේශපාලන කාරණා පිළිබඳව ඔබට ඇති අදහස් අප වෙත ලියා එවිය හැක. අපි එම අදහස් කිසිදු සංස්කරණයකින් තොරව පළ කිරීමට කැමැත්තෙමු. ඔබගේ අදහස් මෙම වෙබ් අඩවියේ පලකරන ලිපිවලට කමෙන්ටු වශයෙන් හෝ nihalperera38@gmail.com ලිපිනයට ඊ මේල් කර එවිය හැක.  

සයිබර් කතිකා මණ්ඩපය

නොකෙරෙන විවාදයේ සංවිධාන ආකෘතිය

නිර්මාල් එක්ක ප්‍රසිද්ධ විවාදයකට අභිමුඛවීමට තමන් කැමති බව ගුණරත්න තුන මාන වෙබ් අඩවියෙහි පළකර තිබුණි. වංගීස එය නිර්මාල් වෙනුවෙන් බාර ගනිමින් ප්‍රතිචාර දක්වල තිබුණ.‍ නොවන සංවාද ගැන හෝ අභිමුඛ වීම් ගැන ගුණරත්න කවදත් විහිළු කතා කියනව. ගුණරත්නගේ මේ විහිළුව නිර්මාල් සීරියස්ව බාරගැනීම ගැන මට නම් නිර්මාල් ගැන ඇත්තේ කණගාටුවක්.
 
ගුණරත්න බයම අකුර “ස” යන්නය. සංවාදය කියන වචනය කැරපොත්තන්ට මෝර්ටීන් ලෙසයි ගුණරත්නට දැනෙන්නෙ.  ගුණරත්න නිර්මාල් සමඟ (වාම ප්‍රවණතාවය)  2004 දෙසැම්බර්  සංවාදයට අභිමුඛ වූවා නම් X කණ්ඩායම කැඩෙන්නේ නැත. ප්‍රසිද්ධ තැනක සංවාදයට එන්න කියන ගුණරත්න Xනිවසෙහිදී අපට අභිමුඛ වූයේ ද නැත.  දෙසැම්බර් 26 වෙනි දින   බුද්ධිකවයි ,ප්‍රභාවයි ඒ සඳහා ඉදිරිපත් කරල  X ගෙදර කාමරේ ගුණරත්න හැංගිල සිටි බව එහි සිටි සියළු දෙනාම හොදින්ම දන්නා කරුණකි.
“හිස්ටීරියා” පොත  ගැන කවුරුත්ම ප්‍රතිචාර නොදක්වා සිටි 2004 ඔක්තෝම්බර් වන විට නලින්ද සිල්වා නිර්මාල්ට පණිවිඩයක් එවමින් පොත ගැන සංවාදයකට ඔවුන් ගුණරත්න සමග සුදානම් බව පවසා තිබුණ. “චන්ඩි කෝ” ලෙස අසමින් සිටි ගුණරත්නට, මෙය මහඟු අවස්ථාවක් කර ගැනීමට තිබුනකි. නලින් ද සිල්වා සමග සංවාදයට  තමන් තනිවම නොව නිර්මාල්ටද සහභාගිවන ලෙස ගුණරත්න නිර්මාල්ට  ප්‍රකාශ කර තිබුනි.  ප්‍රශ්න නිසා සතියක් පමණ අප X නිවසට නොගිය වකවානුව තුළ නලින් සමඟ සංවාදය සංවිධානය කරන්න නිර්මාල් ඒ අතරතුර Xනිවසට යනව. ගුණරත්න‍ගේ කාමරයට යන නිර්මාල් කියනව,  “මචං අපි Xඑකේ ප්‍රශ්නත් කතා කරලම විසඳගමු.  වෙන වෙන දේවල් වෙන්න නොදී”කියල. ගුණරත්න ඒ වෙලාවේ අමු තිත්ත මෙගා කුණුහරුප  වැස්සකින් නිර්මාල්ට සංග්‍රහ කරනව. “කැ..ය….තෝ දන්නවද ප…යෝ….” ආදී වශයෙන්. නිර්මාල් හොඳටම සමාජයෙන් කට්ට කෑ මිනිහෙක් නිසා අපහාසවලින් නොසැලී සිටියද නිර්මාල් මට ඇවිල්ල කියන්නේ, කතා කරනව නෙමෙයි බං  මේක වියරුවක් කියලයි. නිර්මාල්ට “හොඳ වැඩේ” අපි එදත් කිව්ව.
 
පාලු ගෙයි වළං බිඳින්න පමණක් දන්න, අහගෙන ඉන්න අයට පමණක් බණ කියන්න සූදානම්  “ගුණරත්න සාදු” (පතුල) ට සංවාදය කියන්නෙ ක්ෂිතියක්. ගුණරත්නගේ ගෝලයෝ අසා සිටීම හා කියවන විට ලිවීමට පමණක් ගුණරත්න සමඟ සිටී.  අනුගාමිකයන් යනු විපරිතයන් බව ගුණරත්න ධර්මදාස ට පිළිතුරු ලෙස කී දෙය අප මෙහිදි ලියා තබමු. X එක කැඩීයාමෙන් පසු ගුණරත්නට ඔහු කැමති ආකාරයේම වාසි දෙකක් අත් වෙනව. එකක් වාම ප්‍රවණතාවය සමඟ සංවාදය අහෝසි වෙනව. අනෙක ගුණරත්න තුල තිබෙන සංවාද බියෙහි අවිඥානිකත්වය නිසා නලින් ද සිල්වා සමඟ සංවාදය නැති වීමෙන් ගුණරත්න සහනයක් ලබනව. නලින් ගේ අභියෝගයත් ගුණරත්නට තවමත් විවෘතය.
 
ප්‍රශ්නවලට අබිමුඛ නොවන ගුණරත්න, සංවිධානයේ අභ්‍යන්තර අර්බුදයක් ඇති වූ විට, මාතොට සඟරාවට කෙළවපු (ගුණරත්න ලන්ඩන් මුල් සඟරාවෙ පල කර පරිදි) රුවන් පර්ඩිනැන්ඩස් වෙතට හැරී, බසීට පවසන්නේ ‘ඕගොල්ලෝ කිසි දේකට බයවෙන්න එපා. මම රුවන් සමඟ ඔක්කොම කතා කරගෙන තියෙන්නේ ලන්ඩන් සඟරාවත් මගෙ නමට ලියාපදිංචි කළා” යනුවෙනි. (ලන්ඩන් යන නමට ගුණරත්න පේටන්ට් ඉල්ලල තිබුණ, ව්‍යාපාර නාම ලියංපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවෙන්. පිලිතුරු දී තිබුණේ එංගලන්තෙ රැජිණටවත් ලන්ඩන් කියන පොදු නාමයට පේටන්ට් නොදෙන බවයි). පසු කලෙක මගෙන් රුපියල් කෝටියක වන්දියක් ඉල්ලල ගොඩපෙරකදෝරුවෙක් මඟින් එන්තරවාසියක් එවනව, සඟරාවේ අයිතිය  සම්බන්ධයෙන්. මම අධිනීතිඥයෙක් මාර්ගයෙන් පිළිතුරු යැවීමෙන් පසු ගුණරත්නගේ දතකට පූට්ටු වෙනව. සංවාදය පැත්තකට දැමු ගුණරත්න එදා වැඩ කලේ එලෙස ය. අපව මඟ හැර එදා රුවන් සමග ගුණරත්න කල ගණුදෙනුව හරහා, යකාගේ ආච්චිද තම ව්‍යාපෘති සදහා යොදා ගන්නා  රුවන් 2005 දී රාජපක්ෂට උදව් කිරීම දක්වා ගුණරත්නව  රැගෙන ගියේය.
 
මහජන පුස්තකාලයෙ ඩෙරිඩා “ඉගැන්වීමට” යොදා තිබු රැස්වීමේ ගුණරත්න කුමුදු රැස්වීමේ නැතැයි සිතා කුමුදු ඩෙරිඩා නොදන්නවා යැයි, චන්ඩි පාට් දානව. කුමුදු ඉදිරියට ඇවිත් ගුණරත්නට අභිමුඛ වෙමින් උත්තර දෙනව. පසුව ‍හොල්මන් වෙලා කියනව “මම දැනගෙන හිටියෙ නෑහැ කුමුදු රැස්වීමෙ ඉන්නව කියල.” මෑතක දී මාතර නිල්දිය  ශාලාවෙ පැවති  සමබිම රැස්වීමක් අමතන ගුණරත්න ගෙන් ප්‍රශ්ණ අහන්න  X  කණ්ඩායමේ සාමාජිකයෙක්ව සිටි මාධව නැගී සිටින විට එය දුටු ගුණරත්න “තෝ තක්කඩිය..වාඩිවෙයන්” කියල  සංවාදය මග හැරිමට ආවේශයෙන් කෑගහනව. ප්‍රජාතන්ත්‍රවාදී” රැස්වීමේ ගුණරත්නගේ හැසිරීම් නිසා සුදර්ශනගෙ NGO ප්‍රජාතන්ත්‍රවාදය අප්සට් ගිහින්,යහපාලක සුදර්ශන ද මාධවට Get out කියනව.  පස්සෙ අම්පාරෙදි බොදු බල සේනා විසින් “සමබිම” රැස්විම නවත්වන තුරු සුදර්ශනට Get out කියනව.  ඒක හරියට තුෂාරා film එකේ”හොයි..,” කියල  කියන කෙනාට  වෙනත් කෙ‍නෙත් ඇවිත් “හොයි…හොයි..” කියල කියනව වගේ
 
ගුණරත්න විහිළුවට කරන අභියෝගය සීරියස් ගත්ත නිර්මාල්ට තව දින දෙක තුනකින් තුනමාන වෙබ්වල පලවෙන තවත් විහිළු ප්‍රකාශ ගැන අපට මෙලෙස ලිවිය හැකියි.
 
“දැක්කද මං විහිළුවට කීව දේ මුං සීරියස් අරගෙන. මාත් එක්ක සංවාදයකට එන එක මුන්ගේ ෆැන්ටසියක්. මං මේකට නොයන විට කුඩු වෙන්නෙ මුන්ගෙ ෆැන්ටසිය. තොපිට හොඳ වැඩේ.”
– ගුණරත්න
 
“මේ සංවාදයට අපි මැදිහත් නොවන්නේ විපරීතයෙක් මේ සඳහා මැදිහත් වූ නිසාය”
– ගුණරත්න
 
 
“මං වගේ මිනිහෙක් එක්ක (ලෝකයම තමන් දන්නවා යැයි ගුණරත්නගේ සිතීම- ගුණරත්නගෙ ෂෝක් ගුණරත්නට ෂෝක් – උපුටා ගැනිම ජගත් ගෙනි) සංවාද කිරීම ට එන්නේ මුං, මුංව ලොකු කර ගන්නයි. මං අහුවෙයි ඕවට.” 
– ගුණරත්න
 
රොහාන්  ගැන අනිල් හොඳින්ම දන්නවා යැයි කියන්නේ රොහාන් අනාගතයෙන්ද කීමට නියමිත ප්‍රයෝජ්‍යතාවාදී කථා අනිල් වේලාසනින්ම හොඳින් දැන සිටි බවය. ගුණරත්න අනිල් ගේ මෙම  රොහාන් පිලිබඳ ‘දැනුම”නිතරම වනවයි. ගුණරත්න ගැන අපි හොඳින් දන්නවා කියන්නේද ඒ තර්කයට අනුවය. 
 
“නොකෙරෙන වෙද කමට කෝදුරු තෙල් හත් පට්ටයක්  සහ තවත් බිංදුවක්”
 
කල්‍යානන්ද පෙරේරා
 

දීප්ති නිර්මාල් සංවාදය හෙවත් A Valediction: Forbidding Mourning

එක්ස් කණ්ඩායම නම් පශ්චාත් නූතන හා කලින් කලට එක එක වාදී දේශපාලන කණ්ඩායම දෙකට කැඩුණේ 2004 දෙසැම්බර් 26දා හෙවත් සුනාමිය දවසේ ය.

ඉන් පසු ද මේ කණ්ඩායම තව තව කෑලි කෑලිවලට කැඩී ගියේ ය.

දීප්ති කුමාර ගුණරත්න නම් එක්ස් ශාස්තෘවරයාට එරෙහි වෙමින් කැඩී ගිය කණ්ඩායමට විවිධ ආකාරයෙන් බැන වැදීම දීප්ති කුමාර ගුනරත්නගේ පසුගිය නව වසරකට ආසන්න දේශපාලනයේ ප්‍රධාන කාර්යය විය. අපට සිතෙන පරිදි නම්, දීප්තිගේ භාෂාවෙන් ම කියනවා නම්, දීප්ති අනුගාමිකයන් හෙවත් ‍ගෝල පිරිසක් සහිත මහදැනමුතු ශාස්තෲවරයකු ලෙස විඳි ප්‍රමෝදය නිර්මාල් ඇතුළු පිරිස විසින් බිඳ දමන ලද නිසා වන්නට පුළුවන.  

අප සමීපව ඇසුරු කළ නිර්මාල් රංජිත් දේවසිරිගේ පාර්ශ්වයේ මිතුරන්ගේ දේශපාලනය ද බොහෝ දුරට දීප්ති කුමාර ගුනරත්නගේ ‘දේශපාලනය’ දෙස බලාගෙන කරන්නක් විය. මෙය හරියට ජෝන් ඩන්ගේ “A Valediction: Forbidding Mourning“නම් කවියේ රූපකයක් ලෙස යෙදෙන කවකටුව වැනි ය. කවකටුවේ පැන්සල සවි වන වටේ යන අත කොහි ගියත් යන්නේ මැද ඇති නිසල කටුව වෙත බැ‍ඳෙමිනි. මැද ඇති කටුව ද එක තැන සිටියත් සිටින්නේ ම අනෙක් අත යන ගමන දෙස බලාගෙන ඒ දෙසට නැවීගෙන ය. කවියේ සඳහන් වන පරිදි එය කෙළින් වන්නේ අනෙක් අත යළි ගෙදර ආ පසු ය. මේ කවිය පෙම් කවියකි. මෙතැන ඇති දෙය ද එක්තරා අන්දමක බිඳුණු පෙමක් වැනි ආදරය හා වෛරය මුසු වුණු සංකීර්ණ තත්වයකි.

If they be two, they are two so                                          25 
    As stiff twin compasses are two ;  
Thy soul, the fix’d foot, makes no show  
    To move, but doth, if th’ other do.  
And though it in the centre sit,  
    Yet, when the other far doth roam,                                30 
It leans, and hearkens after it,  
    And grows erect, as that comes home. 

දීප්ති කුමාර ගුනරත්න කණ්ඩායමත්, නිර්මාල් රංජිත් දේවසිරි කණ්ඩායමත් මාරුවෙන් මාරුවට පැන්සල සවි කළ අත වෙති. වැඩේ තියෙන්නේ තමන් කරමින් සිටින්නේ එකම රවුම එක උඩ එක ඇඳීම බව ඔවුන්ට නො වැටහීමයි. කවකටුවේ අත් දෙක යළි එක් නො වන බැවින් මේ දෙගොල්ලන්ට ම කෙළින් වන්නට බැරි ය. නැතිනම් තෘප්තිමත් වන්නට බැරි ය. මෙය ඔවුන්ගේ පමණක් ගැටලුවක් නො ව සමස්ත වාමාංශික දේශපාලනයේ ම පොදු රෝග ලක්ෂණයකි. වම ලෙඩක් නොව නිරෝගී දේශපාලනයක් බවට පත් කිරීමේ උවමනාව මත මේ පිළිබඳ සංවාදයක් ඇති කිරීමට අදහස් කරමි. අප සිතන පරිදි නම් දීප්ති සමග නිර්මාල් කරන සංවාදයට වඩා වැදගත් වන්නේ එයයි. 

වාම දේශපාලන කණ්ඩායම් ‍බිඳී යාමට ප්‍රධාන හේතුව මතවාදී වෙනස්කම් දරා ගැනීමට බැරිකම හා බලය බෙදා ගැනීමට ඇති අකැමැත්තයි. මතවාදී වෙනස්කම් දරා ගන්නට බැරි වන්නට ප්‍රධාන හේතුව අන් යමක් නොව තමන් දරන මතය පමණක් එක ම සත්‍යය යයි විශ්වාස කරන මුග්ධකමයි. බලය බෙදා ගැනීමට ඇති අකැමැත්ත වනාහි මා ශාස්තෲ නවකතාවෙන් ද සාකච්ඡා කළ තමන් ඉතිහාසය විසින් බිහි කරන ලද අති ශ්‍රේෂ්ඨ පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමකැයි යයි විශ්වාස කරන භින්නෝන්මාද (ස්කිසෆ්‍රීනියා) මානසිකත්වයයි. 

මේ පිළිබඳ වාම දේශපාල‍නයේ නිදසුන් එමට ය. ඒ අතරින් මට නම් සමීප ම අත්දැකීම වන්නේ හිරු කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වුණ තත්වයයි. රෝහිත භාෂණ හා අප අතර ඇති වූ ගැටුම දේශපාලනිකව විග්‍රහ කළහොත් එහි තිබූ දේශපාලන ප්‍රවාදය වන්නේ අපගේ දේශපාලනය දකුණේ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා වූ එකක් මිස උතුරට ආවතේවකම් කරන්නක් නො විය යුතු බවට අප විසින් දිගින් දිගට  ම ඉදිරිපත් කළ කරුණයි. බලය සම්බන්ධයෙන් ගැ‍ටුම ඇති වුණේ ද සංවිධානමය කාරණාවලට උක්ත කරුණ පොළා පැනීම නිසා ය. පුද්ගලයකු වටා කේන්ද්‍ර වූ ඇදහිලි කල්ලි ස්වරූපී කණ්ඩායමක් දේශපාලන සංවිධානයක් වීමට දරන උත්සාහය දරා ගැනීමට රෝහිත භාෂණට හැකියාව නො තිබිණි.

බිඳී ගිය පසු පළමු ප්‍රහාරය එල්ල වුණේ මා ජාතිවාදියකු ය කියා ය. ජාතිවාදියකු කියන එකෙන් අදහස් කළේ මා සිංහල ජාතිවාදයකු බව ය. ඔවුන්ට ඕනෑ වුණේ සියලු දෙනා දෙමළ ජාතිවාදීන් වන්නට ය. දෙවන වටයේදී කියැවුණේ හිරු කණ්ඩායම නම් දකුණු ආසියාවේ ‘මාර’ දේශපාලනය විනාශ කර දැමීමේ කුමන්ත්‍රණයක මා කොටස්කරුවකු බව ය. ඒ වෙලාවේ ඔවුන් බලාපොරොත්තු වන්නට ඇත්තේ මා ආණ්ඩුව සමග ගැට ගසා ආණ්ඩුවට ම තල්ලු කරන්නට ය. තුන්වන වටයේදී මර්දනය නිසා මම ඔවුන්ට රැවටුණෙමි. ඒ ගැන කතා කිරීමට මට ම ලජ්ජා ය. සිව්වන වටයේදී ඔවුන් බලාපොරොත්තු වුණේ ආණ්ඩුවේ මර්දන යන්ත්‍රයට මා හසු කරන්නට ය.  

හැබැයි ඒ සියලු අභියෝග මැද මම තවමත් දෙපයින් නැගී සිටිමි. මා මේ වන විට ඔවුන්ට දේපාලනික වශයෙන් පිළිතුරු දී හමාර ය. එහෙත්, තවමත් මම අතෘප්තිමත් ය. ඒ ඇයි ද යන්න තේරුම් ගත හැක්කේ මිනිස් දුර්වලකම් ඔස්සේ ය. වාමාංශික සහෝදරත්වය පසෙක තිබියදී සාමාන්‍ය මිනිස්කම්වලටත් නි‍ගා දෙන අන්දමින් හැසිරී, මර්දනය නිසා රටින් පළා යන්නට සිදු වූ වීරයන් පිරසක් සේ  සංදර්ශන පවත්වන විට ඉවසා දරා ගැනීම අපහසු මිනිස් දුර්වලකමකින් මම පෙළෙමි. 

මෙම කරුණ සඳහන් කළේ දීප්ති කුමාර ගුනරත්නගේ කෙසේ වෙතත් නිර්මාල් රංජිත් දේවසිරිගේ හා ඔහු සමග සිටින සෙසු සහෝදරයන්ගේ මානසිකත්වය තේරුම් ගන්නට ආ‍‍ලෝක ධාරාවක් වශයෙනි. මා සිතන පරිදි නම්, නිර්මාල් ඇතුළු පිරිස මේ වන විට දේපාලනික වශයෙන් දීප්තිට පිළිතුරු දී හමාර ය. ඒ ඔවුන් විසින් ගොඩනඟන ලද දේශපාලන භාවිතාව තුළිනි. එදා ඔවුන් විසින් විරෝධය පළ කරන ලද ඇදහිලි කල්ලි ස්වරූපී දේශපාලනය වෙනුවට ඔවුහු විකල්පයක් ගොඩනැඟූ හ. පළි ගැනීම සඳහා කරන ලද මඩ ගැසීම්වලට මඩ ගැසීම්වලින් පවා පිළිතුරු දී තිබෙන මුත්, ඔවුහු තවමත් තෘප්තිමත් නැත. මේ මිනිස් දුර්වලකම දේශපාලනයට බලපාන ආකාරයට නිදසුනක් වන්නේ මේ සංවාදය නම් නිරර්ථක දෙය ගැන නිර්මාල් ඇතුළු පිරිස තුළ ඇති වී තිබෙන අධික උනන්දුවයි. 

දීප්ති කුමාර ගුණරත්නට මේ සංවාදයට සහභාගි වන්නට තරම් ආත්ම ශක්තියක් ඇතැයි මම නො සිතමි. රෝහිත භාෂණට සිදු වී ඇත්තේ ද එය ම ය. ජවිපෙට පෙරටුගාමී පක්ෂය සමග සංවාදයකට එන්නට ආත්ම ශක්තියක් නැත්තේ ද ඒ නිසා ම ය. හැබැයි ජවිපෙට විමල් වීරවංශ සමග නම් සංවාද කළ හැකි වන්නට පුළුවන. මන්ද, විමල් වඩාත් පසුගාමිත්වය දෙසට චලනය වූ කෙනෙකු වන හෙයිනි. 

අවසානයේදී මෙයත් සඳහන් කරන්නට සිදු වේ. මෙය කියවන බොහෝ දෙනෙකුට දැන් ඇති වී තිබෙන ප්‍රශ්නය දීප්ති කියන්නේ කවුරු ද යන්නයි. ඉහළ ඡායාරූපයේ ඉන්නේ ඔහු ය. ඔහුගේ දේශපාලනය පිළිබඳ දැන ගැනීමට ත්‍රිමාන වෙබ් අඩවිය කියවන්න. (නොමිළේ පළ කරන ලද දැන්වීමකි)

http://www.w3lanka.com/